තමාට පහරදුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජාකොට: සිරියේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිටවෙන බැවින් ඔවුන් මටත් පිහිටවෙන පිණිස මම ඔවුන්ට පූජාකරමියි කීය. නුමුත් ඔව්හු ඔහුගේද මුළු ඉශ්‍රායෙල්ගේද විනාශයට හේතුවූහ.
හොෂෙයා 2:7 - Sinhala Revised Old Version ඈද ඇගේ ප්‍රේමවන්තයන් පස්සේ දුවන නුමුත් ඔවුන් කරා නොපැමිණෙන්නීය; ඈ ඔවුන් සොයන නුමුත් ඔව්හු ඈට සම්බ නොවන්නෝය. එවිට ඈ කථාකොට: මාගේ පළමු පුරුෂයා ළඟට හැරීයන්නෙමි; මක්නිසාද දැනට වඩා ඒ කාලය මට යහපත්ව තිබුණේයයි කියන්නීය. Sinhala New Revised Version ඈ සිය පෙම්වතුන් පසුපස ගියත්, ඔවුන් වෙත පැමිණෙන්නේ නැත; ඔවුන් සොය සොයා ගියත්, ඔවුන් හමු වන්නේ නැත. එවිට ඈ මෙසේ කියනු ඇත: ‘මම මාගේ පළමු සැමියා වෙත හැරී යමි. මන්ද, අදට වඩා එදා යහපත් ව තිබිණි.’ Sinhala New Revised Version 2018 ඈ සිය පෙම්වතුන් පසුපස ගියත්, ඔවුන් වෙත පැමිණෙන්නේ නැත; ඔවුන් සොය සොයා ගියත්, ඔවුන් හමු වන්නේ නැත. එවිට ඈ මෙසේ කියනු ඇත: ‘මම මාගේ පළමු සැමියා වෙත හැරී යමි. මන්ද, අදට වඩා එදා යහපත් ව තිබිණි.’ |
තමාට පහරදුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජාකොට: සිරියේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිටවෙන බැවින් ඔවුන් මටත් පිහිටවෙන පිණිස මම ඔවුන්ට පූජාකරමියි කීය. නුමුත් ඔව්හු ඔහුගේද මුළු ඉශ්‍රායෙල්ගේද විනාශයට හේතුවූහ.
මාගේ ආත්මය, තාගේ නිවාඩුවට හැරී යව; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹට බොහෝසේ යහපත්කම් කළසේක.
එසේ නොව අපි අසුන් පිට නැගී පලායන්නෙමුයයි කීවහුය; එබැවින් නුඹලා පලායනවාම ඇත. අපි ශීඝ්‍ර සතුන් පිට නැගී යන්නෙමුයයි නුඹලා කීවහුය; එබැවින් නුඹලා ලුහුබැඳ එන්නෝ ශීඝ්‍රවන්නෝය.
වර්ෂාව වස්වන කෙනෙක් ජාතීන්ගේ නිෂ්ඵල දෙවිවරුන් අතරේ ඇද්ද? නොහොත් වැහිවලා දෙන්ට අහසට පුළුවන්ද? අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ දේ කරන්නේ ඔබ නොවේද? එබැවින් අපි ඔබ ගැන බලා සිටින්නෙමුව; මක්නිසාද ඔබම මේ සියල්ල කළසේක.
නුඹ ගොස්-ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි යෙරුසලම් වැසියන්ට ඇසෙන ලෙස ප්‍රකාශකර කියන්නැයි කීය. නුඹේ යෞවන කාලයේ ඇලුම්කමත් නුඹේ විවාහබස්දීමේ ආදරයත් නොවපුළ දේශයක් වන කාන්තාරයෙහි මා පස්සේ නුඹ ආ හැටිත් නුඹේ යහපත පිණිස මම සිහිකරමි.
නුමුත් නුඹ සාදාගත් දෙවිවරු කොයිද? නුඹේ විපත්ති කාලයේදී නුඹ ගළවන්ට ඔවුන්ට පුළුවන් නම් ඔව්හු නැගිටිත්වා. මක්නිසාද, එම්බා යූදා, නුඹේ නුවරවල ගණනට නුඹට දෙවිවරු සිටිති.
නුඹේ මාර්ගය වෙනස්කරන්ට නුඹ ඔපමණ තැනින් තැන යන්නේ මක්නිසාද? අෂූර් නිසා නුඹ ලජ්ජාවට පැමුණුණාක්මෙන් මිසරය නිසාත් නුඹ ලජ්ජාවට පැමිණෙන්නෙහිය.
මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාව අත්හැරිය කල, ඈ ඔහු වෙතින් ගොස් වෙන මනුෂ්‍යයෙකුට වුණොත්, ඔහු නැවත ඈ වෙතට හැරෙනවා ඇද්ද? ඒ දේශය ඉතා පිළිකුල් නොවන්නේදැයි ඔව්හු කියති. නුඹ වනාහි ආලය ඇත්තන් බොහෝදෙනෙකු සමඟ වේශ්‍යාකම්කෙළෙහිය; එහෙත් මා වෙතට හැරීඑන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔබ මට දඬුවම්කළසේක, මමද වියගහට පුරුදු නැති නාම්බෙකු මෙන් දඬුවම් ලැබුවෙමි. මා හැරෙන පිණිස මා හැරවුව මැනව; මක්නිසාද ඔබම මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම වාගේ නොවේය; මම ඔවුන්ට ස්වාමිපුරුෂයෙක්ව සිටියෙම් නුමුත් ඔව්හු ඒ මාගේ ගිවිසුම කඩකළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
අපේ මුඛයෙන් නික්මුණු සියලු වචනවල හැටියටම අපි කොට, අපද අපේ පියවරුන්ද අපේ රජවරුන්ද අපේ අධිපතීන්ද යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත් කළාක්මෙන් අපි අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකොට, ඈට පානපූජාවන් වගුරුවන්නෙමුව. මක්නිසාද ඒ කාලයේ අපි බොහෝ කෑම ලැබ, කිසි විපත්තියක් නොදැක, සැපසේ සිටියෙමුව.
නුඹේ විසිතුරු වස්ත්‍රවලින් නුඹ ඒවා වසා, මාගේ තෙල්ද මාගේ සුගන්ධ ද්‍රව්‍යයද ඒවා ඉදිරියෙහි තැබුවෙහිය.
මම නුඹ ළඟින් ගොස් බැලූ කල, නුඹේ කාලය වන ප්‍රේමයේ කාලය පැමිණී තිබෙන බව දැක, මාගේ වස්ත්‍රය නුඹ පිට අතුරා, නුඹේ නිර්වස්ත්‍රකම වසා, නුඹට දිවුරුම්දී, නුඹ සමඟ ගිවිසුමක් කරගත්තෙමි, නුඹද මට අයිතිවූයෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
නුඹලාගේ සිත්වල හටගන්න දේ එනම්: අපි ජාතීන් වන දේශවල වංශ මෙන් ලීවලටත් ගල්වලටත් සේවය කරන්නෙමුයයි නුඹලා කියන එක සිද්ධ වෙන්නේම නැත.
ඈ අසල්වාසීවූ අලංකාර වස්ත්‍ර ඇන්දාවූ ආණ්ඩුකාරයෝව මුලාදෑනියෝව අශ්වයන් පිට නැගීයන අසරුවෝව සිටි අෂූර්වරුන් කෙරෙහි ආලයවුණාය, ඔවුන් සියල්ලෝම ප්‍රිය වඩන යෞවනයෝය.
එබැවින්, එම්බා ඔහොලීබා, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, නුඹේ සිතෙන් නුඹ පහකළාවූ නුඹේ ප්‍රේමවන්තයන් මම නුඹට විරුද්ධව පොළඹවා, වටකරින් ඔවුන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි.
ඔවුන්ගේ නාම වනාහි වැඩිමහල් තැනැත්තීවූ ඔහොලා සහ ඇගේ සහෝදරීවූ ඔහොලීබාය. ඔව්හු මා සන්තකවී පුත්‍රයන්ද දූවරුන්ද බිහිකළෝය. ඔවුන්ගේ නම් මෙසේය: සමාරිය වනාහි ඔහොලාය, යෙරුසලම ඔහොලීබාය.
මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, තමන් කැමැති කෙනෙකුට ඒක දී, මනුෂ්‍යයන්ගෙන් නීචයෙකු නුමුත් එය කෙරෙහි පත්කරන බව ජීවත්ව සිටින අය දැනගන්න පිණිස, මේ තීන්දුව රැකවලුන්ගේ නියමයෙන්ද මේ ආඥාව ශුද්ධ තැනත්තන්ගේ වචනයෙන්ද වන්නේයයි කීවේය.
ඔබ මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලබන්නෙහිය, ඔබගේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේය, ගවයන්ට මෙන් ඔබට තෘණ කවනු ලබන්නේය, ඔබ අහසේ පින්නෙන් තෙමෙන්නෙහිය; මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, කැමැති කෙනෙකුට ඒක දෙන බව ඔබ දැනගන්න තුරු, ඔබ කාලවල් සතක් පසුකරනවා ඇත.
නුඹ මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලබන්නෙහිය, නුඹේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේය; ගවයන්ට මෙන් නුඹට තෘණ කවනු ලබන්නේය; මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, තමන් කැමැති කෙනෙකුට ඒක දෙන බව නුඹ දැනගන්න තුරු, නුඹ කාලවල් සතක් පසු කරනවා ඇතැයි නුඹට කියනලද්දේයයි කීවේය.
මහෝත්තම දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි බල පවත්වා, උන්වහන්සේ කැමැති කෙනෙකු එය කෙරෙහි පත්කරන බව ඔහු දැනගන්න තුරු, මනුෂ්‍ය පුත්‍රයන් වෙතින් පන්වනු ලැබ, ඔහුගේ සිත මෘග සිතකට සමානව, ඔහුගේ වාසය වල්කොටළුවන් සමඟ වූයේය; ගොනුන්ට මෙන් ඔහුට තෘණ කවනු ලැබ, ඔහුගේ ශරීරයද අහසේ පින්නෙන් තෙමුණේය.
හොෂෙයා ලවා ස්වාමීන්වහන්සේ කියෙවු කාරණාවල පටන්ගැන්මය. ස්වාමීන්වහන්සේ හොෂෙයාට කථාකොට: නුඹ ගොස් වේශ්‍යා භාර්යාවක්ද වේශ්‍යා දරුවන්ද අරගන්න. මක්නිසාද දේශය ස්වාමීන්වහන්සේගෙන් අහක්වී බොහෝසේ වේශ්‍යාකම්කෙරේයයි කීසේක.
ඔවුන්ගේ ගොදුරු-බිම් ප්‍රකාරයට ඔව්හු තෘප්තියට පැමිණුනෝය; තෘප්තියට පැමිණි විට ඔවුන්ගේ සිත උඩඟුවිය. එබැවින් ඔව්හු මා මතකනැතිකළෝය.
ඉශ්‍රායෙල්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්න; මක්නිසාද නුඹේ අයුතුකම නිසා නුඹ වැටී ඉන්නෙහිය.
එප්‍රායිම් තමාගේ රෝගාතුරකමද යූදා තමාගේ තුවාලයද දුටුකල එප්‍රායිම් අෂූර් ළඟට ගියේය, (යූදාද) විරුද්ධකාර රජු ළඟට පණිවුඩ ඇරියේය. නුමුත් නුඹලාට සුවකරන්ට ඔහුට බැරිය, ඔහු නුඹලාගේ තුවාලය සනීපකරන්නෙත් නැත.
ඔවුන් දඬුවම් විඳ මාගේ මුහුණ සොයන තුරු, මම මාගේ ස්ථානයට හැරීයන්නෙමි. ඔවුන්ට විපත පැමිණෙන විට ඔවුන් ඕනෑකමින් මා වෙතට එනවා ඇත.