Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 23:22 - Sinhala Revised Old Version

22 එබැවින්, එම්බා ඔහොලීබා, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, නුඹේ සිතෙන් නුඹ පහකළාවූ නුඹේ ප්‍රේමවන්තයන් මම නුඹට විරුද්ධව පොළඹවා, වටකරින් ඔවුන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එබැවින් එම්බා ඔහොලීබා! මහෝත්තම ස්වාමීන් වූ දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෙන්න, නුඹේ සිතෙන් නුඹ පිළිකුල් කළ නුඹේ ප්‍රේමවන්තයන් මම නුඹට විරුද්ධ ව පොළඹවා, ඔවුන් නුඹට විරුද්ධ ව හාත්පසින් පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එබැවින් එම්බා ඔහොලීබා! මහෝත්තම ස්වාමීන් වූ දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෙන්න, නුඹේ සිතෙන් නුඹ පිළිකුල් කළ නුඹේ ප්‍රේමවන්තයන් මම නුඹට විරුද්ධ ව පොළඹවා, ඔවුන් නුඹට විරුද්ධ ව හාත්පසින් පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:22
11 හුවමාරු යොමු  

නුඹ කෙරෙහි ආලයවුණ නුඹේ සියලු ප්‍රේමවන්තයන්ද නුඹ ප්‍රේමවුණ සියල්ලන්ද නුඹ වෛරකළ සියල්ලන්ද රැස්කරමි; මම ඔවුන් නුඹට විරුද්ධව වටේට රැස්කොට, ඔවුන් නුඹේ මුළු නිර්වස්ත්‍රකම දකින පිණිස නුඹේ නිර්වස්ත්‍රකම ඔවුන්ට ප්‍රකාශකරන්නෙමි.


නුඹ දුටු අං දසයද මෘගයාද වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.


මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹ වෛරවෙන්නාවූ, නුඹේ සිතෙන් නුඹ පහකළාවූ අයගේ අතට නුඹ පාවාදෙමි.


එබැවින් ඇගේ ප්‍රේමවන්තයන් වන, ඈ ආලයවුණාවූ අෂූර්වරුන් අතට ඈ පාවාදුනිමි.


මෙසේ නුඹේ යෞවන පියයුරු නිසා මිසරවරුන් නුඹේ තනපුඩු මිරිකන කල හටගත් නුඹේ යෞවන සල්ලාලකමට නුඹ හැරුණෙහිය.


ඔවුන් නම් බබිලෝනිවරු සහ සියලුම කල්දිවරුද පෙකොඩ්ද ෂෝවාද කෝවාද ඔවුන් සමඟ අෂූර්වරුද යන මොව්හුය. ඔවුන් සියල්ලෝම ප්‍රිය වඩන යෞවනයෝය, ආණ්ඩුකාරයොත් මුළාදෑනියොත්ය, ඔවුන් සියල්ලෝම අධිපතියෝය, අසුන් පිට නැගී යන්නාවූ කීර්තිමත් තැනැත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්