Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 28:23 - Sinhala Revised Old Version

23 තමාට පහරදුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජාකොට: සිරියේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිටවෙන බැවින් ඔවුන් මටත් පිහිටවෙන පිණිස මම ඔවුන්ට පූජාකරමියි කීය. නුමුත් ඔව්හු ඔහුගේද මුළු ඉශ්‍රායෙල්ගේද විනාශයට හේතුවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 තමාට පහර දුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජා කොට, “සිරියාවේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිට වන බැවින්, ඔවුන් මටත් පිහිට වන පිණිස මම ඔවුන්ට පූජා කරමි”යි කී ය. එහෙත්, ඒ දෙවිවරු ඔහුගේ ද මුළු ඉශ්රායෙල් සෙනඟගේ ද විනාශයට හේතු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 තමාට පහර දුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජා කොට, “සිරියාවේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිට වන බැවින්, ඔවුන් මටත් පිහිට වන පිණිස මම ඔවුන්ට පූජා කරමි”යි කී ය. එහෙත්, ඒ දෙවිවරු ඔහුගේ ද මුළු ඉශ්රායෙල් සෙනඟගේ ද විනාශයට හේතු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 28:23
11 හුවමාරු යොමු  

අමශියා ඒදොම්වරුන් මරා ආවායින් පසු ඔහු සෙයිර් පුත්‍රයන්ගේ දෙවිවරුන් ගෙනැවිත් තමාට දෙවිවරුන් කොට තබාගෙන, ඒවා ඉදිරියෙහි වැඳ වැටී ඒවාට සුවඳ දුම් ඔප්පුකෙළේය.


එකල තමුන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් ඔව්හු හුළඟක් මෙන් ගහගන ගොස් පහවන්නෝය, වරදකාරද වන්නෝය.


අනේ ඉශ්‍රායෙල්, නුඹ විනාශයට පැමිණ සිටින්නේ නුඹේ ආධාරකාරයා වන මට විරුද්ධව සිටීමෙන්ය.


ඒවා තල්ගහක් මෙන් වටකුරුකර තිබේ. ඒවා කථාකරන්නේ නැත. අඩි තබායන්ට ඒවාට බැරි නිසා උසුලාගෙනම යන්ට ඕනෑය. ඒවාට භය නොවෙන්න; මක්නිසාද අනතුරු කරන්ට ඒවාට බැරිය, යහපත කිරීමද ඒවාට නැත.


නුමුත් ද්‍රෝහිකම් කරන්නන්ගේද පව්කාරයන්ගේද විනාශය එකවිටම සිදුවන්නේය, ස්වාමීන්වහන්සේ අත්හරින්නෝ විනාශවන්නෝය.


ජාතීන් අතරෙන් ගැළවී සිටින තැනැත්තෙනි, රැස්වී ඇවිත් එක්ව ළංවෙන්න. තමුන්ගේ ලී රූප උසුලාගන යන්නාවූ, ගළවන්ට බැරි දෙවිකෙනෙකුට යාච්ඤා කරන්නාවූ අයට දැනුම නැත.


වහන් නැතුව නොතිබෙන හැටියට නුඹේ පාදද පිපාස නොවන හැටියට නුඹේ උගුරද ආරක්ෂාකර ගන්න. නුමුත් නුඹ: ඒක නිෂ්ඵලය, එසේ නොව මම අන්‍යයන්ට ආදරේවීමි, ඔවුන් පස්සේද යන්නෙමියි කීවෙහිය.


ඈද ඇගේ ප්‍රේමවන්තයන් පස්සේ දුවන නුමුත් ඔවුන් කරා නොපැමිණෙන්නීය; ඈ ඔවුන් සොයන නුමුත් ඔව්හු ඈට සම්බ නොවන්නෝය. එවිට ඈ කථාකොට: මාගේ පළමු පුරුෂයා ළඟට හැරීයන්නෙමි; මක්නිසාද දැනට වඩා ඒ කාලය මට යහපත්ව තිබුණේයයි කියන්නීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්