හොෂෙයා 10:11 - Sinhala Revised Old Version එප්‍රායිම් පුරුදුවූ, මැඩීමට කැමැතිවූ එළනෑම්බියක්ය; එහෙත් මමම ඇගේ ශෝභන බෙල්ල පිටට පැමිණ සිටිමි. එප්‍රායිම් පිට දක්කන්නෙකු හිඳුවන්නෙමි; යූදා හාන්නේය, යාකොබ් බිම සමතලාකරන්නේය. Sinhala New Revised Version “එප්‍රායිම් වනාහි, ගොයම් පෑගීමට කැමැති මනා සේ පුහුණු කරන ලද එළ නෑම්බියකි. ඇගේ ශෝභන කර පිට වියගහක් දමා ඇත. එහෙත්, හාන්නට එප්‍රායිම් යොදා ගැන්මට මම තීරණය කරගතිමි. ඇගේ නගුල ජුදා විසින් ද ඇගේ දැති පෝරුව ජාකොබ් විසින් ද අදිනු ලබන්නට මම සැලැස්සුවෙමි. Sinhala New Revised Version 2018 “එප්‍රායිම් වනාහි, ගොයම් පෑගීමට කැමැති මනා සේ පුහුණු කරන ලද එළ නෑම්බියකි. ඇගේ ශෝභන කර පිට වියගහක් දමා ඇත. එහෙත්, හාන්නට එප්‍රායිම් යොදා ගැන්මට මම තීරණය කරගතිමි. ඇගේ නගුල ජුදා විසින් ද ඇගේ දැති පෝරුව ජාකොබ් විසින් ද අදිනු ලබන්නට මම සැලැස්සුවෙමි. |
මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ට සේවයකරන පිණිස මම යකඩ වියගහක් මේ සියලු ජාතීන්ගේ බෙල්ලේ තැබුවෙමි; ඔවුන් ඔහුට සේවයකරනවා ඇත. මම වනයේ මෘගයන්ද ඔහුට දුනිමියි කියන්නැයි කීසේක.
මාගේ උරුමය කොල්ලකන තැනැත්තෙනි, නුඹලා ප්‍රීති සන්තෝෂවෙන නිසාත්, ගොයම් මඩින එළනෑම්බියෙකු මෙන් පැනනගින නිසාත්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරන නිසාත්,
මනුෂ්‍ය ලනුවලින්ද ප්‍රේමයේ බැඳුම්වලින්ද ඔවුන් ඇදගතිමි; ඔවුන්ගේ කම්මුල් පිට තිබුණු වියගහ උස්සන්නන් මෙන් මම ඔවුන් උදෙසා සිට, ඔවුන් ඉදිරියෙහි කෑම තැබීමි.
ඔවුන්ගේ මව් වේශ්‍යාකම්ද ඔවුන් බිහිකළ තැනැත්තී නින්දිතකම්දකර තිබේ. මක්නිසාද ඈ කථාකොට: මට කෑමද වතුරද ලොම්ද හණද තෙල්ද බීමද දෙන්නාවූ මාගේ ප්‍රේමවන්තයන් පස්සේ යන්නෙමියි කීවාය.
තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයන් අන් දෙවිවරුන් වෙතට හැරී [ඔවුන්ට පිළිගන්වන] මුද්‍රිකඵල කැටිවලට ඇලුම්වෙන නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන්ට ප්‍රේමකරන්නාක්මෙන්ම නුඹ නැවත ගොස්, මිත්‍රයෙකුගේ ප්‍රේමවන්තියක් වී කාමමිථ්‍යාචාරිණියක්ව සිටින ස්ත්‍රියෙකුට ප්‍රේමවෙන්නැයි කීසේක.
මක්නිසාද ඉශ්‍රායෙල් මුරණ්ඩු එළදෙනෙක් මෙන් මුරණ්ඩුවූවාය. දැන් ස්වාමීන්වහන්සේ ඔවුන් බැටළුපැටවෙකු මෙන් විශාල ඉඩමක පෝෂ්‍යකරනවා ඇත.
එම්බා ඉශ්‍රායෙල්, ජාතීන් මෙන් අධිකලෙස ප්‍රීති නොවන්න; මක්නිසාද නුඹේ දෙවියන්වහන්සේගෙන් නුඹ වේශ්‍යාලෙස අහක්වුණෙහිය, නුඹ සියලු කමත්වල පණයම් ලබන්ට ආශාවූයෙහිය.
සියොන් දුව නැගිට මඩින්න. මක්නිසාද මම නුඹේ අඟ යකඩ කරන්නෙමි, නුඹේ කුර පිත්තල කරන්නෙමි. නුඹ බොහෝ ජනයන් පොඩිකර, ඔවුන්ගෙන් ගන්න කොල්ලය ස්වාමීන්වහන්සේටත් ඔවුන්ගේ සම්පත් මුළු පොළොවේ ස්වාමීන්වහන්සේටත් කැප කරන්නෙහිය.
මක්නිසාද එබඳු අය අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේට නොව තමුන්ගේම බඩට සේවයකරමින්, තමුන්ගේ සෞම්‍ය ප්‍රිය වචනවලින් අවංක අයවලුන්ගේ සිත් මුළාකරති.