Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 28:14 - Sinhala Revised Old Version

14 මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ට සේවයකරන පිණිස මම යකඩ වියගහක් මේ සියලු ජාතීන්ගේ බෙල්ලේ තැබුවෙමි; ඔවුන් ඔහුට සේවයකරනවා ඇත. මම වනයේ මෘගයන්ද ඔහුට දුනිමියි කියන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය කරන පිණිස යකඩ වියගහක් සියලු ජාතීන්ගේ ගෙල මත තබන්නෙමි යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වදාරා ඇත. ගවමහිෂයන් පවා නෙබුකද්නෙශර්ට සේවය කරන්නට සලස්වන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරා ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය කරන පිණිස යකඩ වියගහක් සියලු ජාතීන්ගේ ගෙල මත තබන්නෙමි යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වදාරා ඇත. ගවමහිෂයන් පවා නෙබුකද්නෙශර්ට සේවය කරන්නට සලස්වන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරා ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 28:14
13 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ නුඹට විරුද්ධව එවන්නාවූ නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් නුඹ විනාශකර දමන තුරු යකඩ වියගහක් නුඹේ කරේ තබනවා ඇත.


මනුෂ්‍ය පුත්‍රයන් වසන සෑම තැන්වලම සිටින වන මෘගයන්ද ආකාශ පක්ෂීන්ද ඔබ අතට දී, ඔවුන් සියල්ලන් කෙරෙහි ඔබ ආණ්ඩුකාරයා කළ සේක. රත්රන් හිස නම් ඔබය.


ඉතින් නුඹේ අත් බැඳ තිබෙන දම්වැල්වලින් අද නුඹ මුදමි. මා සමඟ බබිලෝනියට එන්ට නුඹට හොඳව පෙනේ නම් එන්න, මම නුඹව හොඳට බලාගන්නෙමි; නුමුත් මා සමඟ බබිලෝනියට එන්ට නුඹට නරකව පෙනේ නම් නවතින්න. මුළු දේශය නුඹ ඉදිරියෙහිය; නුඹට යන්ට හොඳව පහසුව පෙනෙන තැනකට යන්නැයි ඔහුට කීවේය.


ඔවුන් තමුන්ගේ ස්වාමිවරුන්ට කියන පිණිස මෙසේ ඔවුන්ට අණකරන්න: නුඹලාගේ ස්වාමිවරුන්ට මෙසේ කියන්නැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක–


එහෙත් අද තිබෙන්නාක්මෙන් නුඹලා තමන්වහන්සේට උරුම සෙනඟක් වන පිණිස ස්වාමීන්වහන්සේ නුඹලා රැගෙන යකඩ උදුනක් වැනිවූ මිසරයෙන් නුඹලා පිටතට ගෙනාසේක.


යකඩ එනම් උතුරු දිශාවේ යකඩ සහ පිත්තලත් කඩන්ට පුළුවන්ද?


යම් ජාතියක්වත් යම් රාජ්‍යයක්වත් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, බබිලෝනියේ රජුගේ වියගහේ තමුන්ගේ බෙල්ල නොතබන්නේ නම්, මම ඒ ජාතිය ඔහු ලවා නැතිකරවනතුරු කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන්ට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මාගේ අපරාධ නැමති වියගහ බැඳ තිබෙන්නේ උන්වහන්සේගේ අතින්ය; ඒවා ගෙතී මාගේ බෙල්ල පිට ඝනවී තිබේ; එයින් මාගේ ශක්තිය හීනවිය. මට නැගිටින්ට බැරිලෙස සතුරන් අතට ස්වාමීන්වහන්සේ මා පාවා දුන්සේක.


එප්‍රායිම් පුරුදුවූ, මැඩීමට කැමැතිවූ එළනෑම්බියක්ය; එහෙත් මමම ඇගේ ශෝභන බෙල්ල පිටට පැමිණ සිටිමි. එප්‍රායිම් පිට දක්කන්නෙකු හිඳුවන්නෙමි; යූදා හාන්නේය, යාකොබ් බිම සමතලාකරන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්