ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය.
හොෂෙයා 1:5 - Sinhala Revised Old Version ඒ දවසේ යෙස්‍රෙයෙල් මිටියාවතේදී ඉශ්‍රායෙල්වරුන්ගේ දුන්න බිඳින්නෙමියි කීසේක. Sinhala New Revised Version තවද, ඒ දවසේ දී ඉශ්රායෙලයේ යුද්ධ බලය මම ජෙශ්‍රෙයෙල් මිටියාවතේ දී බිඳදමන්නෙමි”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 තවද, ඒ දවසේ දී ඉශ්රායෙලයේ යුද්ධ බලය මම ජෙශ්‍රෙයෙල් මිටියාවතේ දී බිඳදමන්නෙමි”යි වදාළ සේක. |
ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය.
උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක.
මක්නිසාද ඈට එනම් බබිලෝනියට විරුද්ධව නාස්තිකරන්නා පැමිණියේය, ඇගේ බලවන්තයෝ අසුවුණෝය, ඔවුන්ගේ දුනුද කඩාදමනු ලැබුවේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ විපාකදෙන දෙවියන්වහන්සේය, උන්වහන්සේ ප්‍රතිඵලදෙනවාම ඇත.
ඉශ්‍රායෙල් කඳු පිටට නුඹ පමුණුවා, නුඹේ දුන්න නුඹේ වමතෙන් ගසාදමා නුඹේ ඊගස් නුඹේ දකුණතින් වැටෙන්ට සලස්වන්නෙමි.
ඒ කාලයේදී මම ඔවුන් උදෙසා වනයේ මෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද භූමියේ බඩගායන සතුන්ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. දුන්නද කඩුවද යුද්ධයද දේශයෙන් නැතිකරදමා, ඔවුන් සුවසේ සැතපෙන්ට සලස්වන්නෙමි.
යෝසෙප්ගේ පුත්‍රයෝ කථාකොට: කඳුරට අපට මදිය. මිටියාවත් රටෙහි එනම් බෙත්-ෂෙයාන්හිද ඊට අයිති නුවරවලද යෙශ්‍රෙයෙල් මිටියාවතෙහිද වාසයකරන සියලු කානානිවරුන්ට යකඩ රථ තිබේයයි කීවෝය.
එවිට සියලු මිදියන්වරුද අමලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද එකට රැස්ව මෙගොඩට ඇවිත් යෙශ්‍රෙයෙල් මිටියාවතේ කඳවුරු බැඳගත්තෝය.