Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 6:33 - Sinhala Revised Old Version

33 එවිට සියලු මිදියන්වරුද අමලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද එකට රැස්ව මෙගොඩට ඇවිත් යෙශ්‍රෙයෙල් මිටියාවතේ කඳවුරු බැඳගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 එවිට සියලු මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද එකට රැස් ව ජොර්දාන් ගඟෙන් මෙගොඩට අවුත්, ජෙශ්‍රෙයෙල් මිටියාවතෙහි කඳවුරු බැඳගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 එවිට සියලු මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද එකට රැස් ව ජොර්දාන් ගඟෙන් මෙගොඩට අවුත්, ජෙශ්‍රෙයෙල් මිටියාවතෙහි කඳවුරු බැඳගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 6:33
21 හුවමාරු යොමු  

යෝසෙප්ගේ පුත්‍රයෝ කථාකොට: කඳුරට අපට මදිය. මිටියාවත් රටෙහි එනම් බෙත්-ෂෙයාන්හිද ඊට අයිති නුවරවලද යෙශ්‍රෙයෙල් මිටියාවතෙහිද වාසයකරන සියලු කානානිවරුන්ට යකඩ රථ තිබේයයි කීවෝය.


ඉශ්‍රායෙල්වරුන් වැපුරුවාට පසු මිදියන්වරුද අමෙලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද ඔවුන්ට විරුද්ධව ඇවිත්,


ස්වාමිනි, මාගේ එදිරිකාරයෝ කොපමණ වැඩිවූද! මට විරුද්ධව නැගිටින්නෝ බොහෝය.


ඔහුගේ සම්පත් නම් බැටළුවන් සත් දහසකුත් ඔටුවන් තුන් දහසකුත් ගොන් බාන් පන්සියයකුත් කොටළුදෙනුන් පන්සියයකුත් වැඩකාරයන් ඉතා මහත් ගණනකුත්ය; මෙසේ ඒ මනුෂ්‍යයා නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය.


ඔව්හු හග්රීවරුන්ද යෙටූර්ද නාපීෂ්ද නෝදාබ්ද සමඟ යුද්ධකළෝය.


ඉන්පසු මෙසේ සිද්ධවිය. සමාරියේ රජවූ ආහබ්ගේ මාලිගාවට සමීපව යෙස්‍රෙයෙලිය නාබොත්ට යෙස්‍රෙයෙල්හි මිදිවත්තක් තිබුණේය.


ඉක්බිති මද වේලාවකින් අහස වලාකුල්වලින්ද සුළඟින්ද අඳුරුවුණේය, මහත් වැස්සක්ද විය. ආහබ් රථයට නැගී යෙස්‍රෙයෙල්ට ගියේය.


ගිඩියොන් එප්‍රායිම් කඳු රට මුළුදාම පණිවිඩකාරයන් යවා: මිදියන්වරුන්ට විරුද්ධව බැස ඇවිත් බෙත්-බාරා දක්වා තොටුපල්ද යොර්දානද ඔවුන්ට පළමුවෙන් අල්ලාගන්නැයි කියා යැවීය. එවිට එප්‍රායිම්හි සියලු මිනිස්සු රැස්ව බෙත්-බාරා දක්වා තොටුපල් ද යොර්දානද අල්ලාගත්තෝය.


ඔවුන්ගේ පළාතට යෙශ්‍රෙයෙල්ද කෙසුල්ලොත්ද ෂුනෙම්ද,


ඉහළින් බැස එන ජලය නැවතී ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවරවූ ආදාම් දක්වා, එක ගොඩක් වී නැංගේය. අරබා සමභූමියෙහි මුහුද එනම් ලුණු මුහුද දෙසට බැස යන ජලය තීන්දුවටම වෙන්වී ගියේය. සෙනඟද යෙරිකෝව ඉදිරියෙහි එතරට ගියෝය.


එකල යාකොබ් ගමන්කොට පෙරදිග ජනයන්ගේ දේශයට පැමුණුණේය.


සාලමොන්ගේ ප්‍රඥාව පූර්වදිග රටවල සියලු ජනයාගේ ප්‍රඥාවටත් මිසරවරුන්ගේ මුළු ප්‍රඥාවටත් වඩා මහත්ව තිබුණේය.


මම නැගෙනහිර දිශාවේ වැසියන්ට උරුමයක් කොට නුඹ පාවාදෙන්නෙමි, ඔවුන් නුඹ තුළ තමුන්ගේ කඳවුරු බැඳ, තමුන්ගේ වාසස්ථාන නුඹ තුළ පිහිටුවාගන්නවා ඇත; ඔවුන් නුඹේ ඵල කා, නුඹේ කිරිබොනවා ඇත.


ඒ දවසේ යෙස්‍රෙයෙල් මිටියාවතේදී ඉශ්‍රායෙල්වරුන්ගේ දුන්න බිඳින්නෙමියි කීසේක.


එවිට යෙරුබ්බාල් නම්වූ ගිඩියොන්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද අලුයම නැගිට හාරොද්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝය. මිදියන් කඳවුරු ඔවුන්ට උතුරෙන් මෝරේගේ කන්ද ළඟ මිටියාවතෙහි තිබුණේය.


මෙසේ සෙනඟ කෑමත් තමුන්ගේ හොරණෑත් අතින් ගෙන ගියෝය. ඔහු ඒ මිනිසුන් තුන්සියය නවත්වාගෙන අනික් සියලු ඉශ්‍රායෙල්වරුන් තම තමුන්ගේ කූඩාරම්වලට යන්ට හැරියේය. මිදියන් කඳවුර ඔහුට පහළින් මිටියාවතේ තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්