හිසොප් මිටියක් ගෙන ඒක තැටියේ තිබෙන ලෙයෙහි ගල්වා තැටියෙහි තිබෙන ලෙයින් උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ඉසින්න; නුඹලා අතරෙන් කිසිවෙක් උදය වන තුරු තමන් ගෙයි දොරකඩින් පිට නොයා යුතුය.
හෙබ්‍රෙව් 9:18 - Sinhala Revised Old Version එහෙයින් පළමුවෙනි ගිවිසුමවත් ලේ නැතුව පිහිටුවනු නොලැබුවේය. Sinhala New Revised Version පළමු වන ගිවිසුම වුව ද ලේ නැති ව පිහිටුවනු නොලැබුවේ ඒ නිසා ය. සිංහල කාලීන පරිවර්තනය එබැවින් පළමු ගිවිසුම පවා, ලෙයින් තොරව පිහිටුවනු ලැබුවේ නැත. Sinhala New Revised Version 2018 පළමු වන ගිවිසුම වුව ද ලේ නැති ව පිහිටුවනු නොලැබුවේ ඒ නිසා ය. |
හිසොප් මිටියක් ගෙන ඒක තැටියේ තිබෙන ලෙයෙහි ගල්වා තැටියෙහි තිබෙන ලෙයින් උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ඉසින්න; නුඹලා අතරෙන් කිසිවෙක් උදය වන තුරු තමන් ගෙයි දොරකඩින් පිට නොයා යුතුය.
ඔහු ආරොන්ගේ පුත්‍රයන්ද ගෙනායේය, මෝසෙස් ලෙයින් මඳක් ඔවුන්ගේ දකුණු කන් කෙළවරෙහිද ඔවුන්ගේ දකුණත මාපට ඇඟිල්ලෙහිද ඔවුන්ගේ දකුණු පයේ මාපට ඇඟිල්ලෙහිද ගෑයේය. මෝසෙස් උගේ ලේ පූජාසනය පිට හාත්පස ඉස්සේය.
කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?
එසේය, ගිවිසුමක් ස්ථිරවෙන්නේ මරණය සිදුවුණායින් පසුය. ගිවිසුම කළ තැනැත්තා ජීවත්ව සිටින තුරු එය කිසිසේත් වලංගු නැත.
මක්නිසාද මෝසෙස් ව්‍යවස්ථාවේ හැටියට මුළු සෙනඟට සියලු ආඥා කියාදුන් පසු, වස්සන්ගෙත් එළුවන්ගෙත් ලේ, වතුරද රතු ලොම්ද හිසොප්ද සමඟ ගෙන:
ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍රකරනු ලැබේයයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ, ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමාකිරීමකුත් නැත.