Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 12:22 - Sinhala Revised Old Version

22 හිසොප් මිටියක් ගෙන ඒක තැටියේ තිබෙන ලෙයෙහි ගල්වා තැටියෙහි තිබෙන ලෙයින් උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ඉසින්න; නුඹලා අතරෙන් කිසිවෙක් උදය වන තුරු තමන් ගෙයි දොරකඩින් පිට නොයා යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඉන්පසු හිසොප් කිනිත්තක් ගෙන තලියේ ඇති ලේවල එය ගල්වා, උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණු දෙකෙහි තලියේ ඇති ලේ තවරන්න. උදය වන තෙක් ඔබගෙන් කිසිවකු තම ගෙයි දොරින් පිටතට නො යා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඉන්පසු හිසොප් කිනිත්තක් ගෙන තලියේ ඇති ලේවල එය ගල්වා, උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණු දෙකෙහි තලියේ ඇති ලේ තවරන්න. උදය වන තෙක් ඔබගෙන් කිසිවකු තම ගෙයි දොරින් පිටතට නො යා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 12:22
13 හුවමාරු යොමු  

කුලුඳුලන් විනාශකළ තැනැත්තා ඔවුන්ට අත නොගසන පිණිස පාස්කුවද ලේ ඉසීමද ඇදහිල්ලෙන් ඔහු පැවැත්තුවේය.


හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි.


එවිට පවිත්‍ර කෙනෙක් හිසොප් රැගෙන ඒ වතුරේ ගල්වා කූඩාරමේද එහි සියලු භාජනවලද එහි සිටිය සියලු තැනැත්තන් පිටද ඇටයක්වත් මැරුම්කෑ කෙනෙක්වත් මළකෙනෙක්වත් මිනීවළක්වත් ස්පර්ශවූ තැනැත්තා පිටද ඉසීවා.


මක්නිසාද මෝසෙස් ව්‍යවස්ථාවේ හැටියට මුළු සෙනඟට සියලු ආඥා කියාදුන් පසු, වස්සන්ගෙත් එළුවන්ගෙත් ලේ, වතුරද රතු ලොම්ද හිසොප්ද සමඟ ගෙන:


තවද පළමුවෙනි ගිවිසුමට පවා දේවමෙහෙයේ නියෝගද භූමික ශුද්ධස්ථානයද තිබුණේය.


ලෙයින් රැගෙන ඌ කන්නට යෙදෙන ගෙවල්වල උළුවහු කණු දෙකේද උඩ පඩිකඳේද ගාන්නෝය.


කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?


ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමෙන් කීකරුවීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ ඉසිනු ලැබීමටත්, පියවූ දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මේ ප්‍රකාරයට තෝරාගනු ලැබූවන්ට ලියා එවන වග නම්: අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා.


අලුත් ගිවිසුමේ මැදහත්කාරවූ යේසුස්වහන්සේද ආබෙල්ට වඩා උතුම්ලෙස කථාකරන ඉසීමේ ලේද වෙතටත්ය.


ඔව්හු ගීතිකාවක් කළායින් පසු ඔලීව කන්දට පිටත්ව ගියෝය.


මාගේ සෙනඟ එන්න, නුඹලාගේ ඇතුල් ගෙවලට ගොස් නුඹලාගේ දොරවල් වසාගන, කෝපය පහවයන තුරු ස්වල්ප මොහොතක් සැඟවී ඉන්න.


එවිට කවරෙක්වත් නුඹේ ගෙයි දොරටුවලින් පිටවී වීථියට ගියොත් ඔහුගේ ලේ තමාගේම හිස පිටවන්නේය, අපි නිදොස්ය. නුඹ සමඟ ගෙයි සිටින යමෙකු පිට අතක් හෙළුවොත් ඔහුගේ ලේ අපේ හිස පිට වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්