Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 8:24 - Sinhala Revised Old Version

24 ඔහු ආරොන්ගේ පුත්‍රයන්ද ගෙනායේය, මෝසෙස් ලෙයින් මඳක් ඔවුන්ගේ දකුණු කන් කෙළවරෙහිද ඔවුන්ගේ දකුණත මාපට ඇඟිල්ලෙහිද ඔවුන්ගේ දකුණු පයේ මාපට ඇඟිල්ලෙහිද ගෑයේය. මෝසෙස් උගේ ලේ පූජාසනය පිට හාත්පස ඉස්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 පසුව ඔහු ආරොන්ගේ පුත්‍රයන් කැඳවා ඔවුන්ගේ දකුණු කන් පෙතිවල ද දකුණතේ මාපටැඟිලිවල ද දකුණු පාදයේ මාපටැඟිලිවල ද ලේ තැවරී ය. ඉතිරි ලේ පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 පසුව ඔහු ආරොන්ගේ පුත්‍රයන් කැඳවා ඔවුන්ගේ දකුණු කන් පෙතිවල ද දකුණතේ මාපටැඟිලිවල ද දකුණු පාදයේ මාපටැඟිලිවල ද ලේ තැවරී ය. ඉතිරි ලේ පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 8:24
4 හුවමාරු යොමු  

එවිට නුඹ බැටළුවා මරා උගේ ලෙයින් ස්වල්පයක් ගෙන ආරොන්ගේ දකුණු කනේ කෙළවරද ඔහුගේ පුත්‍රයන්ගේ දකුණු කන් කෙළවරද ඔවුන්ගේ දකුණු අත්වල මාපට ඇඟිලිවලද දකුණු පාදවල මාපට ඇඟිලිවලද ගා ලේ පූජාසනය පිට වටකරින් ඉසින්න.


ඔහු තෙලද තර වල්ගයද අතුණු පිට තෙල සියල්ලද අක්මාවේ දැලද වකුගඩු දෙකද ඒවායේ තෙලද දකුණු කළවයද රැගෙන,


පූජකයාද අපරාධ පූජාවේ ලෙයින් ස්වල්පයක් ගෙන පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද ඔහුගේ දකුණු අත මාපට ඇඟිල්ලේද ඔහුගේ දකුණු පය මාපට ඇඟිල්ලේද ගා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්