යූදාගේ පුත්‍රයෝ, ඒර්, ඕනාන්, ෂෙලා, පෙරෙශ් සහ ශෙරාය. එහෙත් ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය. පෙරෙශ්ගේ පුත්‍රයෝ, හෙශ්රොන් සහ හාමුල්ය.
හෙබ්‍රෙව් 7:14 - Sinhala Revised Old Version මක්නිසාද අපගේ ස්වාමීන්වහන්සේ යූදා ගෝත්‍රයෙන් නැගුටුණු බව ඉතා පැහැදිලිය; ඒ ගෝත්‍රය ගැන පූජකයන් සම්බන්ධවූ කිසිවක් මෝසෙස් කීවේ නැත. Sinhala New Revised Version මන්ද, අපගේ සමිඳාණන් වහන්සේ ජුදා ගෝත්‍රයෙන් පහළ වූ බව ඉතා පැහැදිලි ය. පූජකයන් ගැන කතා කිරීමේ දී මෝසෙස් ඒ ගෝත්‍රය ගැන කිසිවක් කීවේ නැත. සිංහල කාලීන පරිවර්තනය මන්ද අප ස්වාමින්වහන්සේ පැවත ආවේ යූදා ගෝත්‍රයෙන් බව පැහැදිලි ය. එම ගෝත්‍රයට අදාළව පූජකයින් ගැන කිසිවක් මෝසෙස් පවසා නැත. Sinhala New Revised Version 2018 මන්ද, අපගේ සමිඳාණන් වහන්සේ ජුදා ගෝත්‍රයෙන් පහළ වූ බව ඉතා පැහැදිලි ය. පූජකයන් ගැන කතා කිරීමේ දී මෝසෙස් ඒ ගෝත්‍රය ගැන කිසිවක් කීවේ නැත. |
යූදාගේ පුත්‍රයෝ, ඒර්, ඕනාන්, ෂෙලා, පෙරෙශ් සහ ශෙරාය. එහෙත් ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය. පෙරෙශ්ගේ පුත්‍රයෝ, හෙශ්රොන් සහ හාමුල්ය.
ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.
නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.
මම උන්වහන්සේ දකිමි, එහෙත් දැන් නොවේ. මම උන්වහන්සේ බලමි, එහෙත් ළඟදීම නොවේ. යාකොබ්ගෙන් තාරකාවක් නික්මෙන්නේය, ඉශ්‍රායෙල්ගෙන් ජයකොන්තයක් නැගී එන්නේය, එය මෝවබ් දෙකෙළවර නටබුන්කර සියලු කලහකාර පුත්‍රයන් බිඳ හෙළන්නේය.
එම්බා බෙත්ලෙහෙම, යූදා දේශය, නුඹ යූදාගේ අධිපතීන් අතරෙහි කොයි ලෙසකින්වත් ඉතා කුඩා නොවන්නීය. මක්නිසාද මාගේ ඉශ්‍රායෙල් සෙනඟ පාලනයකරන්නාවූ ආණ්ඩුකාරයෙක් නුඹ කෙරෙන් නික්මෙන්නේයයි අනාගතවක්තෘ විසින් ලියා තිබේයයි ඔහුට කීවෝය.
ඔහු අමිනාදබ්ගේ පුත්‍රයාය, ඔහු අර්නීගේ පුත්‍රයාය, ඔහු හෙශ්‍රොන්ගේ පුත්‍රයාය, ඔහු පෙරෙශ්ගේ පුත්‍රයාය, ඔහු යූදාගේ පුත්‍රයාය,
එකල ඔව්හු: ස්ත්‍රිය, මක්නිසා හඬනවාදැයි ඇගෙන් ඇසුවෝය. ඈ ඔවුන්ට කථාකොට: මාගේ ස්වාමීන්වහන්සේව අහක්කොට ගෙනගොස් කොතැන තබනලද්දේදැයි මා නොදන්නා නිසායයි කීවාය.
දෙවියන්වහන්සේට ප්‍රියවූ, ශුද්ධවන්තයන්ව සිටින්ට කැඳවනු ලැබුවාවූ, රෝමයෙහි සිටින සියල්ලන්ට ලියා එවන වගනම්:
එබඳු දේ කරන්නන් විනිශ්චයකරමින් එම දේ කරන මනුෂ්‍යය, නුඹ දෙවියන්වහන්සේගේ විනිශ්චයෙන් ගැළවෙන්නෙහියයි සිතන්නෙහිද?
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස,
එසේය, මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැතිවී ගියා පමණක් නොව; ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත්,
එසේය, යමෙකු ගැන මේ දේ කියනලද්දේද, ඒ තැනන්වහන්සේ වෙන ගෝත්‍රයකට අයිතිය, ඒ ගෝත්‍රයෙන් කිසිවෙක් පූජාසනය ළඟ සේවයකළේ නැත.
යේසුස් වන මම සභාවන් උදෙසා මේ දේවල් ගැන නුඹලාට සාක්ෂිදෙන්ට මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිත්ගේ මුල සහ වංශයය, දීප්තිමත් පහන් තාරකාවය.
එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: නොහඬන්න. මෙන්න, පොත සහ එහි මුද්‍රා සත දිගඅරින ලෙස යූදාගේ ගෝත්‍රයෙන්වූ සිංහයාද දාවිත්ගේ මුලදවූ තැනන්වහන්සේ ජයගත්සේකැයි මට කීවේය.