Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 7:13 - Sinhala Revised Old Version

13 එසේය, යමෙකු ගැන මේ දේ කියනලද්දේද, ඒ තැනන්වහන්සේ වෙන ගෝත්‍රයකට අයිතිය, ඒ ගෝත්‍රයෙන් කිසිවෙක් පූජාසනය ළඟ සේවයකළේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එසේය, යමෙකු ගැන මේ දේ කියන ලද්දේ ද, ඒ තැනැන් වහන්සේ වෙන ගෝත්‍රයකට අයිති වූ සේක. ඒ ගෝත්‍රයෙන් කිසිවෙක් පූජාසනය ළඟ සේවය නොකෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 මේ දෑ පැවසුණේ යම් කෙනකු ගැන ද, ඒ තැනැත්තාණන් අයිති වෙනත් ගෝත්‍රයකට ය. එම ගෝත්‍රයේ කිසිවකු පූජාසනයේ මෙහෙවර කර නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එසේය, යමෙකු ගැන මේ දේ කියන ලද්දේ ද, ඒ තැනැන් වහන්සේ වෙන ගෝත්‍රයකට අයිති වූ සේක. ඒ ගෝත්‍රයෙන් කිසිවෙක් පූජාසනය ළඟ සේවය නොකෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 7:13
6 හුවමාරු යොමු  

ඉඳින් ලෙවීගේ පූජකකමෙන් සම්පූර්ණකම පැමිණේ නම් (මක්නිසාද ඒ සම්බන්ධව සෙනඟ ව්‍යවස්ථාව ලැබුවෝය), ආරොන්ගේ පිළිවෙළේ හැටියට කියනු නොලැබ, මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට වෙන පූජකයෙක් නැගිටින්ට තවත් තිබුණු ඕනෑකම මොකද?


මක්නිසාද අපගේ ස්වාමීන්වහන්සේ යූදා ගෝත්‍රයෙන් නැගුටුණු බව ඉතා පැහැදිලිය; ඒ ගෝත්‍රය ගැන පූජකයන් සම්බන්ධවූ කිසිවක් මෝසෙස් කීවේ නැත.


තවද මා විසින් තෝරාගන්න මනුෂ්‍යයාගේ සැරයටිය ලියලනවා ඇත. එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් නුඹලාට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් මා වෙතට පැමිණීම නවතින්ට සලස්වන්නෙමියි කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කියෙවු ලෙස ආරොන්ගේ වංශයෙහි නොවූ අන්‍ය කෙනෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන්ට ළංවී කෝරා හා ඔහුගේ සමාගම මෙන් නොවන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමක් කොට පූජාසනයට වැස්මක් සඳහා ඒවා තළා තහඩු සෑදූහ.


මක්නිසාද පූජකකම වෙනස්වූ බැවින් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතුමය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්