Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




පිලිප්පි 3:8 - Sinhala Revised Old Version

8 එසේය, මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැතිවී ගියා පමණක් නොව; ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එපමණකුත් නොවේ, මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ දැනගැන්මේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවාසියකැ යි ගණන්ගනිමි. උන් වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව, ඒ සියල්ල කුණු කසළ යයි සලකමි. මාගේ කැමැත්ත නම් ක්‍රිස්තුන් වහන්සේ අත්කරගැනීමත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 එපමණක් ද! මා ස්වාමියාණන් වූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ හැඳින ගැනීමේ පරම උතුම්කම හා සසඳන කල, අන් හැම දෙයක්ම අලාභයක් සේ සලකමි. උන්වහන්සේ නිසා සියල්ල මට අහිමි වුවත්, මා ඒ සියල්ල කුණු-කසල ලෙසින් සලකන්නේ ක්‍රිස්තුස්වහන්සේ අත්කර ගනු පිණිසත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එපමණකුත් නොවේ, මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ දැනගැන්මේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවාසියකැ යි ගණන්ගනිමි. උන් වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව, ඒ සියල්ල කුණු කසළ යයි සලකමි. මාගේ කැමැත්ත නම් ක්‍රිස්තුන් වහන්සේ අත්කරගැනීමත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




පිලිප්පි 3:8
53 හුවමාරු යොමු  

මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි.


නුමුත් මාගේ දිවීමද දෙවියන්වහන්සේගේ කරුණාවේ ශුභාරංචියට සාක්ෂිදෙන පිණිස ස්වාමිවූ යේසුස්වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණකිරීම පමණ මාගේ ජීවිතය වැදගත්ය නොහොත් මටම අගේය කියා මම කිසිසේත් නොසලකමි.


එසේවී නුමුත් මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස්වහන්සේ නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි.


සදාකාල ජීවනය නම් මේය–එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.


යම් අන්දමකින් මළවුන්ගෙන් නැගිටීමට පැමිණෙන ලෙස,


මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ.


මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේ කුරුසියෙහි ඇණගසනු ලැබූ බවත් මිස වෙන කිසිවක් නුඹලා අතරෙහි නොදැන සිටින්ට නියමකරගතිමි.


තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයා ඇවිත් අප සැබෑවූ තැනන්වහන්සේව ඇඳිනගන්න ලෙස අපට තේරුම දී තිබෙන බව දනිමුව, සැබෑවූ තැනන්වහන්සේ තුළ, එනම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි සිටිමුව. සැබෑවූ දෙවියන්වහන්සේද සදාකාලවූ ජීවනයද මුන්වහන්සේමය.


මක්නිසාද ඔබ මට දුන් වචන මම ඔවුන්ට දුනිමි; ඔව්හු ඒවා පිළිගෙන, මා ඔබ වෙතින් ආ බව සැබවින් දැන, ඔබ මා එවූ බව විශ්වාසකළෝය.


ඒ දවසේදී මා පියාණන්වහන්සේ තුළෙහිද නුඹලා මා තුළෙහිද මා නුඹලා තුළෙහිද සිටින බව නුඹලා දැනගන්නහුය.


මක්නිසාද: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි කියා තිබෙන හැටියට,


එසේය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙහි දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය බැබළෙන පිණිස, අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්ට කීවාවූ දෙවියන්වහන්සේය.


නුඹලා මා ඇඳිනගත්තා නම් මාගේ පියාණන්වහන්සෙත් අඳුනනවා ඇත. මෙතැන් පටන් නුඹලා උන්වහන්සේව අඳුනති, දැකලාත් තිබේයයි කීසේක.


උන්වහන්සේ තමන් ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙනසේක. මාගේ ධර්මිෂ්ඨ සේවකයා ස්වකීය දැනගැන්ම කරණකොටගෙන බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකරනවා ඇත. ඔවුන්ගේ අයුතුකම්ද උන්වහන්සේම දරාගන්නවා ඇත.


ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණවීම සඳහා සේවය කිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ වර්ධනයවීම පිණිසත්ය.


එහෙත් අපගේ ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේ දැනගැන්මෙහිද වර්ධනයවෙන්න. දැනටත් සදාකාලයටත් උන්වහන්සේට ගෞරවය වේවා. ආමෙන්.


(ඒ ජීවනය ප්‍රකාශකරනු ලැබීය, අපි ඒ දැක සාක්ෂිදෙමින්, පියාණන්වහන්සේ සමඟ තිබුණාවූ අපට ප්‍රකාශකරනලද්දාවූ ජීවනය, එනම් සදාකාල ජීවනය නුඹලාට ප්‍රකාශ කරමුව.) එසේය, අපේ පංගුකාරකම පියාණන්වහන්සේද ස්වකීය පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේද සමඟය.


මක්නිසාද මම දැන් යාගකරනු ලබමින් සිටිමි, මාගේ ඉකුත්වීමේ කාලයද පැමිණ තිබේ.


තෝමස් උත්තරදෙමින්: මාගේ ස්වාමීනි, මාගේ දෙවියනියි උන්වහන්සේට කීවේය.


ඔවුන් පියාණන්වහන්සෙත් මාත් නාඳුනන බැවින් මේ දේවල් කරනවා ඇත.


ඔහු බීජ මල්ල රැගෙන හඬමින් පිටත්ව යන්නේ නුමුත්, තමාගේ ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් එන්නේය.


නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.


එබැවින් අදහන්නාවූ නුඹලාට ඒ ගෞරවය ඇත්තේය. නුමුත් නොඅදහන්නන්ට, ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල කරනලද්දේය.


උන්වහන්සේ මා තුළෙහි ප්‍රකාශකරන්ට කැමතිවූ කෙණෙහිම, මාංසය හා රුධිරය සමඟ මන්ත්‍රණය නොකොට,


නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.


නොහොත් එය මුළුමනින්ම අප නිසා කියනසේක්ද? එසේය, අප නිසා එය ලියනලද්දේය. හාන්නා බලාපොරොත්තුවෙන් හාන්ට ඕනෑ නිසාද, පාගන්නා කොටස බලාපොරොත්තුවෙන් පාගන්ට ඕනෑ නිසාද එසේ ලියනලද්දේය.


එකල ඔව්හු: ස්ත්‍රිය, මක්නිසා හඬනවාදැයි ඇගෙන් ඇසුවෝය. ඈ ඔවුන්ට කථාකොට: මාගේ ස්වාමීන්වහන්සේව අහක්කොට ගෙනගොස් කොතැන තබනලද්දේදැයි මා නොදන්නා නිසායයි කීවාය.


නුමුත් මම දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් යක්ෂයන් දුරුකරම් නම්, සැබවින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කෙරෙහි පැමිණ තිබේ.


නුඹලා යම් දේශයක වාසයකරවමියි කියා මාගේ අත එසවීම්ද, එහි යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද මිස නුඹලා නම් කිසිසේත් ඇතුල්නොවන්නහුය.


මාගේ ස්වාමීන්වහන්සේගේ මෑණියන් මා ළඟට පැමිණීම කෙසේ සිද්ධවීද?


බලව, මම නුඹලා නිසා බීජ වලක්වමි, නුඹලාගේ මුහුණු පිට කසළ, එනම් නුඹලාගේ මංගල්‍ය පූජාවල කසළ ඉසිමි; ඒවා සමඟ නුඹලා අහකට ගෙනයනු ලබනවා ඇත.


ඔහුගේම අශූචි මෙන් ඔහු සදාකාලයටම නැතිවී යන්නේය, ඔහු දුටු අය: ඔහු කොයිදැයි අසන්නෝය.


මේ යෙසෙබෙල්යයි කියන්ට බැරිවන ලෙස යෙසෙබෙල්ගේ මළකඳ යෙස්‍රෙයෙල් බිම් කොටසෙහි පොළොව මතුපිට කසළ මෙන් වන්නේය කියා කීසේකැයි කීවේය.


මම යෙරොබොවම්ගේ වංශය පිටට විපත්ති පමුණුවා, යෙරොබොවම්ගේ සියලු පිරිමින් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත් නිර්දාසයන් වුවත් සිඳ දමා, නිමාවටම කුණු පිසදමන්නාක් මෙන් යෙරොබොවම්ගේ වංශය සහමුලින්ම පිසදමන්නෙමි.


ස්වර්ගයෙහි ඔබ හැර මට ඇත්තේ කවුද? පොළොවෙහිද ඔබ හැර මා ආශා කරන කිසිවෙක් නැත.


උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයන්වූ පාවුල්ද තිමෝතියස්ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පිලිප්පියෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් නායකයන් හා උපස්ථායකයන්ටත් ලියා එවන වග නම්:


මා දැනට ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණවී සිටිනවාවත් නොවේ. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලාගත්සේක්ද, ඒක අල්ලාගන්ට වීර්යකරමින් මමත් දුවගනයමි.


දෙවියන්වහන්සේද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද දැනගැනීමෙන් අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා.


මක්නිසාද මේවා නුඹලාට තිබේ නම්, වැඩිවේ නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීමෙහි කම්මැළි බවටවත් අඵල බවටවත් පැමිණෙන්ට ඒවා නුඹලාට ඉඩ නොදෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්