හෙබ්‍රෙව් 7:12 - Sinhala Revised Old Version මක්නිසාද පූජකකම වෙනස්වූ බැවින් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතුමය. Sinhala New Revised Version මන්ද, පූජකත්වය වෙනස් වුවහොත් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතු ම ය. සිංහල කාලීන පරිවර්තනය මන්ද පූජකත්වයේ වෙනසක් වන කල, දහම් නීතියේ ද වෙනසක් සිදුවීම යුතුව ඇත. Sinhala New Revised Version 2018 මන්ද, පූජකත්වය වෙනස් වුවහොත් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතු ම ය. |
නුඹේ වැඩිමහල්වූද බාලවූද සහෝදරියන් නුඹ විසින් පිළිගන්න විට නුඹ නුඹේ මාර්ග සිහිකොට ලජ්ජාවන්නෙහිය. ඔවුන් දූවරුන් කොට නුඹට දෙන්නෙමි, නුමුත් එය නුඹේ ගිවිසුමකින් නොවේය.
ඉඳින් ලෙවීගේ පූජකකමෙන් සම්පූර්ණකම පැමිණේ නම් (මක්නිසාද ඒ සම්බන්ධව සෙනඟ ව්‍යවස්ථාව ලැබුවෝය), ආරොන්ගේ පිළිවෙළේ හැටියට කියනු නොලැබ, මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට වෙන පූජකයෙක් නැගිටින්ට තවත් තිබුණු ඕනෑකම මොකද?
එසේය, යමෙකු ගැන මේ දේ කියනලද්දේද, ඒ තැනන්වහන්සේ වෙන ගෝත්‍රයකට අයිතිය, ඒ ගෝත්‍රයෙන් කිසිවෙක් පූජාසනය ළඟ සේවයකළේ නැත.
මේවා (කෑමවලින්ද බීමවලින්ද නානාප්‍රකාර සේදීම්වලින්ද යුක්තවූ,) සකස්කිරීමේ කාලය දක්වා පවතින්නාවූ, මාංසයට අයිති නියෝගවා පමණක්ය.