ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හෙබ්‍රෙව් 3:15 - Sinhala Revised Old Version

අපගේ විශ්වාසයේ පටන්ගැන්ම අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම්, අපි ක්‍රිස්තුස්වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමුව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි. “අද නුඹලා උන් වහන්සේගේ හඬ අසන්නහු නම්, කැරලි ගැසූ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න.”

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

කියා ඇති පරිදි මෙසේ ය: “අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්, කැරැල්ලේදී ක්‍රියා කළ සේ, ඔබේ හදවත් දැඩි කර නො ගන්න.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි. “අද නුඹලා උන් වහන්සේගේ හඬ අසන්නහු නම්, කැරලි ගැසූ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න.”

පරිච්ඡේදය බලන්න



හෙබ්‍රෙව් 3:15
5 හුවමාරු යොමු  

මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනඟය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය. අද දවසේ නුඹලා උන්වහන්සේගේ හඬට කීකරුවන්නහුනම් යහපත!


නුඹලා සිතන්නේ මොකද? දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගාදමා, තමා පිරිසිදුකළ ගිවිසුමේ ලේ අශුද්ධ දෙයක් කොට සිතා, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට අපහාසකළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන්ගනු නොලබන්නේද?


ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබටවන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.


උන්වහන්සේ දාවිත් ලවා එපමණ කාලයකට පසු කථාකරවමින්, ඉහත කීවාක්මෙන්: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම්, නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි, අදය කියා, නැවත එක්තරා දවසක් නියමකරනසේක.