බලව, අපට දැනගත නොහැකි තරම් දෙවියන්වහන්සේ උතුම්ය; උන්වහන්සේගේ අවුරුදුවල ගණන සොයා දැනගත නොහැකිය.
හෙබ්‍රෙව් 1:12 - Sinhala Revised Old Version ඔබ ඒවා සළුවක් මෙන් අකුළනසේක, වස්ත්‍රයක් මෙන් ඒවා මාරුවන්නේය. නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු තීන්දු නොවන්නේයයි කියනසේක. Sinhala New Revised Version ඔබ ඒවා සළුවක් මෙන් අකුළන සේක, වස්ත්‍ර මෙන් ඒවා මාරු කරනු ලබයි. එහෙත් ඔබ ඒකාකාර ම ය, ඔබගේ වයසට සීමාවක් නැතැ”යි වදාරන සේක. සිංහල කාලීන පරිවර්තනය ඔබ ඒවා සළුවක් මෙන් ඔතා දමන සේක; ඇඳුමක් සේ ඒවා මාරු කෙරේ. එහෙත් ඔබ, එක ලෙසම ය. ඔබගේ අවුරුදුවලට කෙළවරක් නැත.” Sinhala New Revised Version 2018 ඔබ ඒවා සළුවක් මෙන් අකුළන සේක, වස්ත්‍ර මෙන් ඒවා මාරු කරනු ලබයි. එහෙත් ඔබ ඒකාකාර ම ය, ඔබගේ වයසට සීමාවක් නැතැ”යි වදාරන සේක. |
බලව, අපට දැනගත නොහැකි තරම් දෙවියන්වහන්සේ උතුම්ය; උන්වහන්සේගේ අවුරුදුවල ගණන සොයා දැනගත නොහැකිය.
එවිට දෙවියන්වහන්සේ කථාකොට: මම යම්සේ සිටිම්ද එසේම සිටිමියි මෝසෙස්ට කීසේක. තවද උන්වහන්සේ කියනසේක්: නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ස්වයම්භූ නම් තැනන්වහන්සේ නුඹලා වෙතට මා එවූසේකැයි කියන්නැයි කීසේක.
එඬේර කූඩාරමක් මෙන් මාගේ වයස මාගෙන් පහකරනු ලැබ මා වෙතින් ගෙනයනලද්දේය. වියන්නෙකු සේ මම මාගේ ජීවිතය අකුලාගතිමි; අළුවෙන් කපාදමන්නාක් මෙන් උන්වහන්සේ මා සිඳ දමනසේක. එක දවසක් ඇතුළතදී ඔබ මා තීන්දු කරනසේක.
යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් සැබවක් නුඹලාට කියමි–ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටිමියි කීසේක.
සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.