හිතෝපදේශ 9:3 - Sinhala Revised Old Version ඇගේ තරුණියන් ඈ පිටත්කර හැර: අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවයි Sinhala New Revised Version තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය: Sinhala New Revised Version 2018 තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය: |
එහෙයින් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව තොමෝ කියන්නී: අනාගතවක්තෘන්ද ප්‍රේරිතයන්ද ඔවුන් ළඟට යවන්නෙමි; ඔව්හු ඔවුන්ගෙන් සමහරෙකු මරා සමහරෙකුට පීඩාකරන්නෝය;
කෑම වේලාව පැමිණි කල: එන්න, සියල්ලම දැන් සූදානම්යයි කැඳවනු ලැබූවන්ට කියන පිණිස ඔහු තමාගේ දාසයා යැවීය.
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මම ප්‍රසිද්ධයෙන් ලෝකයාට කථාකෙළෙමි; සියලු යුදෙව්වරුන් රැස්වන්නාවූ සිනගෝගවලදීත් දේවමාළිගාවේදීත් නිතර ඉගැන්වීමි; රහසින් කිසිවක් කථානොකෙළෙමි.
මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ.
(සමහරු) යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත් දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ.