Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 22:9 - Sinhala Revised Old Version

9 ඒ නිසා නුඹලා මංසන්ධිවලට ගොස් සම්බවෙන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එබැවින් ඔබ මංසන්ධිවලට ගොස් හමු වන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැ’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 එබැවින් මං මාවත්වලට ගොස්, ඔබට හමුවන තරම් දෙනා සාදයට කැඳවන්නැ’ යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එබැවින් ඔබ මංසන්ධිවලට ගොස් හමු වන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැ’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 22:9
16 හුවමාරු යොමු  

ආත්මයාණන්වහන්සේද මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.


සියලු ශුද්ධවන්තයන්ගෙන් ඉතා කුඩා තැනැත්තාවූ මට මේ අනුග්‍රහය දෙනලද්දේ ක්‍රිස්තුස්වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන අන්‍යජාතීන්ට දේශනාකරන්ටත්,


මක්නිසාද ස්වාමීන්වහන්සේ අපට මෙසේ අණකළසේක, කෙසේදයත්: නුඹ පොළොවේ සීමා දක්වා ගැළවීම වන පිණිස අන්‍යජාතීන්ට නුඹ එළියක් කොට තැබුවෙමියි කියා තිබේයයි කීවෝය.


යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.


බබිලෝනියේ රජ පේන අහන්ට මාර්ගය බෙදෙන තැන දෙමංසන්ධියේ සිට, ඊගස් සොලවා, තෙරාඵීම් රූප කරණකොටගෙන විභාගකර, අක්මාව බැලුවේය.


ඔවුන්ගෙන් පලායන්නන් සිඳදමන්ට මංසන්ධියෙහි නොසිටින්න; විපත්ති දවසේදී ඔවුන්ගෙන් ඉතිරිවුණ අය පාවා නොදෙන්න.


එවිට ඔහු තමාගේ දාසයන්ට කථාකොට: මංගල්‍යය සූදානම්කර තිබේ, නුමුත් ආමන්ත්‍රණය ලැබුවෝ සුදුස්සෝ නොවෙති.


ඒ දාසයෝ මහ මාවත් වලට ගොස් තමුන්ට සම්බවූ යහපත් අයහපත් සියල්ලන් රැස්කළෝය. අමුත්තන්ගෙන් මංගල්‍ය ශාලාව පිරුණේය.


කිසිවෙකු විසින් අප කුලියට නොගත් නිසායයි ඔව්හු කීවෝය. එවිට ඔහු: නුඹලාත් මිදිවත්තට යන්නැයි ඔවුන්ට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්