හිතෝපදේශ 8:14 - Sinhala Revised Old Version මන්ත්‍රණය සහ සාරවූ ඥානය මට තිබේ. මම නුවණය, මට පරාක්‍රමය තිබේ. Sinhala New Revised Version මන්ත්‍රණයෙහි දක්ෂතාව හා විමංසන බුද්ධිය මට ඇත; ස්ථානෝචිත ප්‍රඥාව හා බල මහිමය ද මා සතු ය. Sinhala New Revised Version 2018 මන්ත්‍රණයෙහි දක්ෂතාව හා විමංසන බුද්ධිය මට ඇත; ස්ථානෝචිත ප්‍රඥාව හා බල මහිමය ද මා සතු ය. |
තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.
මේකත් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි, උන්වහන්සේ මන්ත්‍රණයෙන් අපූරුව ප්‍රඥාවෙන් උතුම්ව සිටිනසේක.
උන්වහන්සේ කා සමඟ මන්ත්‍රණයකළසේක්ද? උන්වහන්සේට ගුරුකම් දී, යුතු මාර්ගය ගැන උන්වහන්සේට උගන්වා, දැනගැන්මද උගන්වා, බුද්ධියේ මාර්ගය උන්වහන්සේට පෙන්නුවේ කවුද?
මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.
මන්ත්‍රණයෙන් උතුම්ව ක්‍රියාවෙන් බලවත්ව සිටින්නාවූ දෙවියන්වහන්සේය. එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස ඔබගේ ඇස් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සෑම මාර්ග දෙස ඇරී තිබේ.
නුමුත් කැඳවනු ලැබූ යුදෙව්වරුන්ට සහ ග්‍රීක්වරුන්ටත් දෙවියන්වහන්සේගේ බලය සහ දෙවියන්වහන්සේගේ ප්‍රඥාවත්ය.
නුමුත් උන්වහන්සේ කරණකොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක.