ඔබගේ වස්ත්‍ර සියල්ලෙන් ගන්ධරස අගිල් සහ කුරුඳු සුවඳ නික්මෙයි; ඇත්දත්මයවූ මාලිගා තුළින් වීණාවෝ ඔබට ප්‍රීති ඉපදෙවූවෝය.
හිතෝපදේශ 7:17 - Sinhala Revised Old Version සුවඳලාටුවලින්ද අගිල්වලින්ද කුරුඳුවලින්ද මාගේ ඇඳ සුවඳකෙළෙමි. Sinhala New Revised Version සුවඳලාටුවලින් ද අගිල්වලින් ද කුරුඳුවලින් ද මාගේ යහනට සුවඳ කැවීමි. Sinhala New Revised Version 2018 සුවඳලාටුවලින් ද අගිල්වලින් ද කුරුඳුවලින් ද මාගේ යහනට සුවඳ කැවීමි. |
ඔබගේ වස්ත්‍ර සියල්ලෙන් ගන්ධරස අගිල් සහ කුරුඳු සුවඳ නික්මෙයි; ඇත්දත්මයවූ මාලිගා තුළින් වීණාවෝ ඔබට ප්‍රීති ඉපදෙවූවෝය.
ඔබගේ කුල ස්ත්‍රීන් අතරෙහි රාජ දූවරු සිටිති. ඕපීර්හි රනින් සැරසී බිසව් තොමෝ ඔබගේ දකුණෙන් සිටින්නීය.
ශුද්ධ ස්ථානයේ ෂෙකෙල් මිලයේ හැටියට ෂෙකෙල් පන්සියයක වෑස්සෙන ගන්ධ රසද එයින් ගණනින් භාගයක් වන දෙසියපනසක සුවඳැති කුරුඳුද දෙසියපනසක සුවඳ දඬුද,
ගන්ධරස හා තුවරලාවලත් වෙළෙන්දාගේ සියලු කුඩුවලත් සුවඳින් යුක්තව, දුම් කණු මෙන් කාන්තාරයෙන් නැගීඑන මේ තැනැත්තිය කවුද?
වෙදාන්ද යාවාන්ද නුඹ සමඟ නූල් ගනුදෙනුකළෝය. තළාපු යකඩ සහ ගන්ධරසද දඬුද නුඹේ වෙළඳාම් බඩු අතරේ තිබුණේය.
පළමුවෙන් රාත්‍රියෙහි උන්වහන්සේ ළඟට ආවාවූ නිකොදේමුස්ද ගන්ධරස මිශ්‍රවූ අගිලි රාත්තල් සියයක් පමණ රැගෙන ආවේය.