Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 30:23 - Sinhala Revised Old Version

23 ශුද්ධ ස්ථානයේ ෂෙකෙල් මිලයේ හැටියට ෂෙකෙල් පන්සියයක වෑස්සෙන ගන්ධ රසද එයින් ගණනින් භාගයක් වන දෙසියපනසක සුවඳැති කුරුඳුද දෙසියපනසක සුවඳ දඬුද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 “කිලෝග්‍රෑම් හයක දියාරු ගන්ධ රස ද ඉන් බාගයක් වන කිලෝග්‍රෑම් තුනක සුවඳ කුරුඳු ද කිලෝග්‍රෑම් තුනක සුවඳ උක්ගස් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “කිලෝග්‍රෑම් හයක දියාරු ගන්ධ රස ද ඉන් බාගයක් වන කිලෝග්‍රෑම් තුනක සුවඳ කුරුඳු ද කිලෝග්‍රෑම් තුනක සුවඳ උක්ගස් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 30:23
20 හුවමාරු යොමු  

වෙදාන්ද යාවාන්ද නුඹ සමඟ නූල් ගනුදෙනුකළෝය. තළාපු යකඩ සහ ගන්ධරසද දඬුද නුඹේ වෙළඳාම් බඩු අතරේ තිබුණේය.


ජටාමාංස හා කුංකුමත් වදකහ සහ කුරුඳුත් සෑම තුවරලා ගසුත් ගන්ධරස හා අගිල්ද සෑම ප්‍රධාන සුවඳ ද්‍රව්‍යද දරන ගසුත් යන මේවාය.


ෂෙබා සහ රාමාහි වෙළෙන්දෝ නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ සියලු ආකාර උතුම් සුවඳ ද්‍රව්‍යද සියලු ආකාර අනර්ඝ ගල්ද රන්ද ගනුදෙනුකළෝය.


ෂෙබායෙන් කට්ටකුමංචල්ද දුර දේශයකින් මිහිරි සුවඳ දඬුද මට ගෙනෙන්නේ කුමටද? නුඹලාගේ දවන පූජා මට ප්‍රසන්න නැත, නුඹලාගේ යාගද මට ප්‍රිය නැත.


මාගේ ප්‍රේමවන්තයා මට මාගේ පියයුරු අතරේ තිබෙන සුවඳලාටු පොදියක් හා සමානය.


නුඹේ විලවුන් මිහිරි සුවඳින් යුක්තය; නුඹේ නාමය වැගිරෙවු විලවුන් මෙන්ය; එබැවින් කන්‍යාවෝ නුඹට ප්‍රේමකෙරෙති.


සුවඳලාටුවලින්ද අගිල්වලින්ද කුරුඳුවලින්ද මාගේ ඇඳ සුවඳකෙළෙමි.


ඔබගේ වස්ත්‍ර සියල්ලෙන් ගන්ධරස අගිල් සහ කුරුඳු සුවඳ නික්මෙයි; ඇත්දත්මයවූ මාලිගා තුළින් වීණාවෝ ඔබට ප්‍රීති ඉපදෙවූවෝය.


ඔහු ශුද්ධ ආලේප තෛලයද පිරිසිදු සුවඳ ධූප ද්‍රව්‍යද තෛල මිශ්‍රකරන්නන්ගේ විධියට සෑදුවේය.


එළිය පිණිස තෙල්, ආලේප තෛල සහ සුවඳදුම් පූජාවට සුගන්ධ ද්‍රව්‍ය,


තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:


පන්සියයක තලිස් පතුරුද යන ප්‍රධාන සුගන්ධ ද්‍රව්‍ය සහ ඔලීව තෙල් හිනක්ද ගන්න.


ආලේප තෛලයද ශුද්ධස්ථානයට සුගන්ධ ධූප ද්‍රව්‍යද මා විසින් නුඹට අණකළ සියල්ල ලෙස ඔව්හු කරත්වායයි කීසේක.


එළිය දීමටත් ආලේප තෛලය පිණිසත් සුවඳ දුම් පිණිසත් සුගන්ධ ද්‍රව්‍යයන් හා තෙල්ද ගෙනාවෝය.


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට නුඹ ආලේපකළසේක් නොවේදැයි කීය.


ශාදොක් පූජකයා කූඩාරමෙන් තෙල් කුලාව රැගෙන ගොස් සාලමොන් ආලේපකෙළේය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝය; මුළු සෙනඟද: සාලමොන් රජු සැරදේවයි කීවෝය.


පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් සුවඳ ද්‍රව්‍යවලින් තෛලය සෑදුවෝය.


නුඹ මට සුවඳ දඬු මිලේට-ගත්තේවත් නුඹේ පූජාවල තෙලෙන් මා තෘප්තියට පැමිණෙවුවේවත් නැත. නුඹේ පාපවලින් නුඹ මට බරක්වී, නුඹේ අයුතුකම්වලින් මා වෙහෙසෙවුවා පමණක්ය.


පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ භාරය නම්, එළිය පිණිස තෙල්ද සුගන්ධ ධූප ද්‍රව්‍යද නිරන්තර ආහාර පූජාවද ආලේප තෛලයද ශුද්ධස්ථානය හා ඒකේ සියලුම බඩු ඇතුළුව මුළු මණ්ඩපයද එහි ඇති සියල්ලද බලා ගැනීමයයි කීසේක.


ඔවුන්ගෙන් සමහරෙක් බඩුබාහිරාදියද ශුද්ධස්ථානයේ සියලු භාජනද සිහින් පිටිද මුද්‍රික පානයද තෙල්ද තුවරලාද සුවඳ ද්‍රව්‍යද බලාගන්ට පත්කරන ලද්දෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්