සාලමොන් රජ බොහෝ අන්‍යජාති ස්ත්‍රීන්ට එනම් ඵාරාවෝගේ දුව ඇතුළුව මෝවබ්වරුන්ගේද අම්මොන්වරුන්ගේද ඒදොම්වරුන්ගේද ශීදොන්වරුන්ගේද හිත්තීවරුන්ගේද කාන්තාවන්වූ බොහෝ අන්‍ය ජාති ස්ත්‍රිවරුන්ටත් ආදරේවුණේය.
හිතෝපදේශ 5:20 - Sinhala Revised Old Version එසේය, මාගේ පුත්‍රය, නුඹ මක්නිසා අන්‍ය ස්ත්‍රියෙකු කෙරෙහි ප්‍රීතිමත්ව, අන්‍ය තැනැත්තියෙකුගේ ළය වැළඳගන්නෙහිද? Sinhala New Revised Version මාගේ පුත්‍රය, ඔබ පරදාර සේවනයෙන් උමතු වන්නේ කුමට ද? සල්ලාල ගැහැණියක වැළඳගන්නේ මන් ද? Sinhala New Revised Version 2018 මාගේ පුත්‍රය, ඔබ පරදාර සේවනයෙන් උමතු වන්නේ කුමට ද? සල්ලාල ගැහැණියක වැළඳගන්නේ මන් ද? |
සාලමොන් රජ බොහෝ අන්‍යජාති ස්ත්‍රීන්ට එනම් ඵාරාවෝගේ දුව ඇතුළුව මෝවබ්වරුන්ගේද අම්මොන්වරුන්ගේද ඒදොම්වරුන්ගේද ශීදොන්වරුන්ගේද හිත්තීවරුන්ගේද කාන්තාවන්වූ බොහෝ අන්‍ය ජාති ස්ත්‍රිවරුන්ටත් ආදරේවුණේය.
මක්නිසාද අන් ස්ත්‍රියෙකුගේ තොල්වලින් මීපැණි වෑස්සෙන්නේය, ඇගේ මුඛය තෙල්වලටත් වඩා සිනිඳුය.
එහෙත් නුඹලා: ඒ මක්නිසාදැයි අසන්නහුය. ස්වාමීන්වහන්සේ නුඹ සහ නුඹේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව සිටි නිසාය; ඈ නුඹේ පංගුකාරීව, නුඹේ ගිවිසුමේ භාර්යාවව සිටින නුමුත්, නුඹම ඈට විරුද්ධව ද්‍රෝහිකම්කළෙහිය.
මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක; තමාගේ වස්ත්‍රය බලාත්කාරයෙන් වසන්නාටත් මම ද්වේෂකරමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එබැවින් නුඹලාගේ ආත්ම ගැන ප්‍රවේසම්වී, ද්‍රෝහිකම් නොකර සිටින්න.