මක්නිසාද ස්වාමීන්වහන්සේ උසස් නුමුත් පහත් අය සලකනසේක. නුමුත් උඩඟු අය දුරදීම දන්නාසේක.
හිතෝපදේශ 3:34 - Sinhala Revised Old Version නින්දාකරන්නන්ට සැබවින්ම උන්වහන්සේ නින්දාකරනසේක, යටහතුන්ට නම් කරුණාව දෙනසේක. Sinhala New Revised Version නින්දා කරන අයට එතුමාණෝ නින්දා කරන සේක; යටහත් අයට ප්‍රසාදය දක්වන සේක. Sinhala New Revised Version 2018 නින්දා කරන අයට එතුමාණෝ නින්දා කරන සේක; යටහත් අයට ප්‍රසාදය දක්වන සේක. |
මක්නිසාද ස්වාමීන්වහන්සේ උසස් නුමුත් පහත් අය සලකනසේක. නුමුත් උඩඟු අය දුරදීම දන්නාසේක.
නුඹ ඥානවන්ත නම්, නුඹ ඥානවන්තවන්නේ නුඹ උදෙසාය. නුඹ නින්දාකරන්නෙහි නම්, නුඹම එය ඉවසන්නෙහිය.
මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනන්වහන්සේ මෙසේ කියනසේක. මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.
නුමුත් උන්වහන්සේ වඩා කරුණව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.
එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.