Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 9:12 - Sinhala Revised Old Version

12 නුඹ ඥානවන්ත නම්, නුඹ ඥානවන්තවන්නේ නුඹ උදෙසාය. නුඹ නින්දාකරන්නෙහි නම්, නුඹම එය ඉවසන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඔබ නැණවත් වුවහොත්, එහි වාසිය ඔබට ම ය; ඔබ ඥානය ප්‍රතික්ෂේප කළොත්, ඉන් වන අවාසියත් ඔබට ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඔබ නැණවත් වුවහොත්, එහි වාසිය ඔබට ම ය; ඔබ ඥානය ප්‍රතික්ෂේප කළොත්, ඉන් වන අවාසියත් ඔබට ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 9:12
13 හුවමාරු යොමු  

පව්කරන ප්‍රාණයම නසිනවා ඇත. පුත්‍රයා පියාගේ අයුතුකම නොදරන්නේය, පියාද පුත්‍රයාගේ අයුතුකම නොදරන්නේය; ධර්මිෂ්ඨයාගේ ධර්මිෂ්ඨකම ඔහු පිටටත් දුෂ්ටයාගේ දුෂ්ටකම ඔහු පිටටත් පැමිණෙන්නේය.


ඉතින් උන්වහන්සේ ඇඳිනගෙන සමාදානවෙන්න. එයින් නුඹට ශුභසිද්ධ වන්නේය.


වැඩකරන්නාගේ බඩගින්න ඔහු උදෙසා වැඩකරයි; මක්නිසාද ඔහුගේ කට ඔහු පොළඹවයි.


ඒ නිසා නුඹලාගේ බැඳුම් තද නොවන පිණිස නින්දාකරන්නෝ නොවෙන්න. මක්නිසාද මුළු දේශයට විරුද්ධව විනාශයක් නියමකර තිබෙන බව මම සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේගෙන් ඇසීමි.


එමෙන්ම සියලු ලියුම්වලත් ඔහු මේ දේවල් ගැන කථාකර තිබේ; එහි තේරුම්ගන්ට අමාරු සමහර දේ තිබේ, නූගත් අස්ථිර තැනැත්තෝ අන් ලියවිලිමෙන් තමුන්ගේම විනාශයට ඒවාත් පෙරළති.


මක්නිසාද එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.


සිතින් පසුබටවෙන්නා තමාගේම මාර්ගවලින්ද යහපත් මනුෂ්‍යයා තමාගේම පැවැත්මෙන්ද තෘප්තියට පැමිණෙයි.


අඥානයන්ගේ පිටට පහරද පිළියෙළකර තිබේ.


මා ඇත්තටම වැරදි කළා නම්, මාගේ වැරැද්ද පවතින්නේ මා කෙරෙහිමය.


ඉතිරිව සිටින සියලු පෙළපත් වෙන් වෙන් වශයෙන් සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද විලාපකියන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්