ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙක් දෙන්ට ඕනෑයයි කීවේය.
හිතෝපදේශ 28:8 - Sinhala Revised Old Version පොළිය හා ලාභයෙන් තමාගේ වස්තුව වැඩිකරගන්න අය ඒවා එකතුකර තබන්නේ දිළිඳුන්ට කරුණාකරන්නාටය. Sinhala New Revised Version වැඩි පොළියෙන් හා අයුතු ලාභයෙන් උපයන ඔබේ ධනය දිළිඳුන්ට දයාව දක්වන කෙනෙකුට හිමි වේ. Sinhala New Revised Version 2018 වැඩි පොළියෙන් හා අයුතු ලාභයෙන් උපයන ඔබේ ධනය දිළිඳුන්ට දයාව දක්වන කෙනෙකුට හිමි වේ. |
ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙක් දෙන්ට ඕනෑයයි කීවේය.
උන්වහන්සේ දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය.
නුඹ ළඟ සිටින මාගේ සෙනඟ අතරෙන් දුප්පත් කිසිවෙකුට නුඹ මුදල් ණයට දුන්නොත් නුඹ ඔහුට ණය හිමියෙක් මෙන් වෙන්ටවත් නුඹලා ඔහුගෙන් පොළී ගන්ටවත් යුතු නැත.
සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි; පාපිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත්කොට තබා තිබේ.
තමාගේ අසල්වාසියා හෙළාදකින්නා පව්කරන්නේය; එහෙත් දුප්පතුන්ට අනුකම්පාකරන්නා වාසනාවන්තයෙක්ය.
දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරන්නේය; එහෙත් දිළිඳාට කරුණාකරන්නා උන්වහන්සේට ගෞරවකරන්නේය.
දිළින්දාගේ සියලු සහෝදරයෝ ඔහුට වෛරවෙති; ඔහුගේ මිත්‍රයෝ කොපමණ වැඩියෙන් ඔහුගෙන් දුරු නොවෙද්ද? ඔහු ඔවුන්ගේ කීම් පස්සේ දුවයි, එහෙත් ඔවුන් නැත.
දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාවත් දැනගැන්මත් ප්‍රීතියත් දෙනසේක. නුමුත් පව්කාරයාට, දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින අයට දෙන පිණිස, [වස්තු] රැස්කර තැබීමේ වෙහෙසය දෙනසේක. මේකත් නිෂ්ඵලකමක්ව, හිස්වූ උත්සාහයක්ව තිබේ.
පිළිකුල්කම්කෙළේ නම්, පොළියට දී, ලාභද ගත්තේ නම්, ඒ පුත්‍රයා ජීවත්වන්නේද? ඔහු ජීවත් නොවන්නේය; ඔහු මේ සියලු පිළිකුල් ක්‍රියා කළ බැවින් ඔහු සැබැවින් නසින්නේය; ඔහුගේ ලේ ඔහු පිටම වන්නේය.
තමාගේ අත අසරණයා පිට නොහෙළා, පොළීවත් ලාභවත් නොගෙන සිටී නම්, මාගේ විනිශ්චයන් ඉෂ්ටකොට මාගේ පනත් ප්‍රකාර හැසුරුණේ නම්; ඔහු තමාගේ පියාගේ අයුතුකම නිසා නොනැසී සැබවින්ම ජීවත්වන්නේය.
පොළියට නොදී, ලාභත් නොගෙන, තමාගේ අත අයුතුකමෙන් වලක්වාගත්තේ නම්, එකිනෙකා අතරේ සැබෑවූ යුක්තිය ඉෂ්ටකොට,
නුඹේ සහෝදරයා නුඹ වෙත රක්ෂාවෙන පිණිස පොළීවත් ලාභයක්වත් ඔහුගෙන් නොගෙන නුඹේ දෙවියන්වහන්සේට භයව සිටින්න.