හිතෝපදේශ 25:15 - Sinhala Revised Old Version ඉවසිලිවන්තකමෙන් ආණ්ඩුකාරයෙකු නමාගත හැක, මොළොක් දිවෙන් ඇට බිඳෙයි. Sinhala New Revised Version ඉවසීමෙන් අධිපතියකු වුව ද නම්මාගත හැක; මුදු මොළොක් බසින් දැඩි ආධිපත්‍යය බිඳිය හැක. Sinhala New Revised Version 2018 ඉවසීමෙන් අධිපතියකු වුව ද නම්මාගත හැක; මුදු මොළොක් බසින් දැඩි ආධිපත්‍යය බිඳිය හැක. |
ආණ්ඩුකාරයාගේ සිත නුඹට විරුද්ධව ඇවිස්සුණොත්, නුඹේ ස්ථානය අත්හැර නොයන්න; මක්නිසාද මෘදුකමෙන් ලොකු වැරදි වැලකීයයි.
ඔහු එය ගෙන අතේ තබාගෙන කකා ගොස් තමාගේ මව්පියන් ළඟට අවුත් ඔවුන්ටත් දුන්නේය, ඔව්හුද කෑවෝය. නුමුත් ඒ මීපැණි සිංහයාගේ ශරීරයෙන් ගත් බව ඔහු ඔවුන්ට දැන්නුවේ නැත.
නුමුත් වැඩකාරයන්ගෙන් එක්කෙනෙක් නාබල්ගේ භාර්යාවවූ අබීගායිල්ට කථාකොට: අපේ ස්වාමියාට ආචාරකරන පිණිස දාවිත් කාන්තාරයේ සිට පණිවිඩකාරයන් එවුවේය; ඔහු ඔවුන්ට බැණවැදුණේය.