හිතෝපදේශ 25:11 - Sinhala Revised Old Version කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බුමෙනි. Sinhala New Revised Version තැනට කැපෙන වචනය රිදී තැටියක නෙළූ රන් කැටයමක් වැන්න. Sinhala New Revised Version 2018 තැනට කැපෙන වචනය රිදී තැටියක නෙළූ රන් කැටයමක් වැන්න. |
විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක, මාගේ කන පුබුදුවනසේක.
යහපත් මනුෂ්‍යයා තමාගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නේය. නපුරු මනුෂ්‍යයා තමාගේ නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේය.
මෙසේ දාවිත් ඈ තමාට ගෙනා දේවල් ඇගේ අතින් පිළිගෙන: නුඹේ ගෙදරට සමාදානයෙන් යන්න; මම නුඹේ හඬට ඇහුම්කන්දී නුඹ පිළිගතිමියි කීවේය.