Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 25:35 - Sinhala Revised Old Version

35 මෙසේ දාවිත් ඈ තමාට ගෙනා දේවල් ඇගේ අතින් පිළිගෙන: නුඹේ ගෙදරට සමාදානයෙන් යන්න; මම නුඹේ හඬට ඇහුම්කන්දී නුඹ පිළිගතිමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 මෙසේ කියා දාවිත් අබිගායිල් තමාට ගෙනා දේවල් ඇගේ අතින් පිළිගෙන, “ඔබේ ගෙදරට ශාන්ති සිතින් යන්න; මම ඔබේ හඬට සවන් දී ඔබ කී දේ පිළිගතිමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 මෙසේ කියා දාවිත් අබිගායිල් තමාට ගෙනා දේවල් ඇගේ අතින් පිළිගෙන, “ඔබේ ගෙදරට ශාන්ති සිතින් යන්න; මම ඔබේ හඬට සවන් දී ඔබ කී දේ පිළිගතිමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 25:35
9 හුවමාරු යොමු  

ඔහුද: සමාදානයෙන් පලයන්නැයි ඔහුට කීවේය. එවිට ඔහු එලිෂා වෙතින් පිටත්ව ටිකක් දුර ගියේය.


යොනාතාන් දාවිත්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේද මාගේ වංශය සහ නුඹේ වංශය අතරේද සෑම කල්හිම වනසේක්වයි කියා අප දෙදෙනා ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා තිබේ, ඒ නිසා සමාදානයෙන් යන්නැයි කීවේය. එවිට ඔහු නැගිට පිටත්ව ගියේය. යොනාතාන් නුවරට ගියේය.


උන්වහන්සේද: බලව, නුඹ සඳහන්කළ නුවර මා විසින් විනාශ නොකරන හැටියට මේ කාරණය ගැනත් නුඹ පිළිගතිමි.


උන්වහන්සේද: දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේය; සමාදානයෙන් යන්නැයි ඈට කීසේක.


නුමුත් උන්වහන්සේ: නුඹේ ඇදහිල්ල නුඹ ගැළෙවුවේය, සමාදානයෙන් යන්නැයි ඒ ස්ත්‍රීට කීසේක.


එසේනම් අධිපතීන්ගේ තරාතිරම් නොබලන්නාවූ, දිළින්දාට වැඩියෙන් ධනවතාට කරුණාව නොදක්වන්නාවූ තැනන්වහන්සේට එසේ කියන්නේ කොහොමද? මක්නිසාද ඔවුන් සියල්ලෝම උන්වහන්සේගේ අත්වල කර්මාන්තය.


සමාදානයෙන් යන්නැයි රජ ඔහුට කීවේය. ඔහු නැගිට හෙබ්‍රොන්ට ගියේය.


එවිට ඒලී උත්තරදෙමින්: සමාදානයෙන් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගෙන් නුඹ කළ ඉල්ලීම උන්වහන්සේ නුඹට ඉෂ්ටකරදෙනසේක්වයි කීවේය.


කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බුමෙනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්