තවද රජ කථාකොට: මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනයෙහි හිඳගැනීමට කෙනෙකු දුන්නාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවයි කීයේයයි අදොනියාට කීවේය.
හිතෝපදේශ 23:24 - Sinhala Revised Old Version ධර්මිෂ්ඨයාගේ පියා ඉතා ප්‍රීතිමත්වන්නේය; බුද්ධිමත් දරුවෙකු ජනිතකරන්නාද ඔහු නිසා ප්‍රීතිවන්නේය. Sinhala New Revised Version දැහැමි පුතෙකුගෙන් පියාට ප්‍රීතිය ඇත; නැණවත් පුතෙකු ඇති පියා සතුටින් පිනා යයි. Sinhala New Revised Version 2018 දැහැමි පුතෙකුගෙන් පියාට ප්‍රීතිය ඇත; නැණවත් පුතෙකු ඇති පියා සතුටින් පිනා යයි. |
තවද රජ කථාකොට: මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනයෙහි හිඳගැනීමට කෙනෙකු දුන්නාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවයි කීයේයයි අදොනියාට කීවේය.
එහෙත් ඔහුට අච්චුනොකර නාරින්න, මක්නිසාද නුඹ ප්‍රඥාවත් මනුෂ්‍යයෙකු බැවින් ඔහුගේ පැසුණු හිසකේ ලෙයින් යුක්තව මිනීවළට පමුණුවන පිණිස නුඹ විසින් කටයුතු කිමෙක්දැයි නුඹ දන්නෙහියයි කීවේය.
සාලමොන්ගේ හිතෝපදේශය. ඥානවන්ත පුත්‍රයෙක් පියා ප්‍රීතිකරන්නේය; එහෙත් අඥාන පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය.
මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත්කරන්න.
ප්‍රඥාවට ප්‍රියවන්නා තමාගේ පියා ප්‍රීතිකරන්නේය; එහෙත් වේශ්‍යාවන් ආශ්‍රයකරන්නා තමාගේ සම්පත් නැතිකරන්නේය.
ඔහු ප්‍රඥාවන්තයෙක් වේද අඥානයෙක් වේද කියා දන්නේ කවුද? එහෙත් ඉර යට මා වීර්යයෙන්ද ප්‍රඥාවෙන්ද කළාවූ මාගේ මුළු වැඩය කෙරෙහි ඔහු බලය පවත්වා ඇත. මේකත් නිෂ්ඵලකමක්ය.
එසේය, සහෝදරය, ස්වාමීන්වහන්සේ තුළ නුඹෙන් මට ප්‍රීතිය ලැබේවා. ක්‍රිස්තුස්වහන්සේ තුළ මාගේ සිත ප්‍රාණවත්කරන්න.
එසේ නොකර, මහලුව, දැනට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හිරකාරයෙක්ව සිටින පාවුල් නම් මම, ප්‍රේමය නිසා ඉල්ලා සිටිමි.