ස්වාමීන් කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය; ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය. උන්වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවත්නේය.
හිතෝපදේශ 23:17 - Sinhala Revised Old Version නුඹේ සිත පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකොට, හැම කල්හිම ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව තිබේවා. Sinhala New Revised Version පවිටුන් ආදර්ශයට නොගන්න, දිවා රෑ දෙක්හි සමිඳුන්ට ගරුබිය දක්වන්න. Sinhala New Revised Version 2018 පවිටුන් ආදර්ශයට නොගන්න, දිවා රෑ දෙක්හි සමිඳුන්ට ගරුබිය දක්වන්න. |
ස්වාමීන් කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය; ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය. උන්වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවත්නේය.
මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේත් රජුටත් භයවෙන්න; වෙනස්වන සුලු අය සමඟ සමාගම් නොපවත්වන්න.
නුඹේ මාංසය ලවා පව්කරවන්ට නුඹේ කටට ඉඩනොදෙන්න; ඒක වැරදිල්ලකැයි දේවදූතයා ඉදිරියෙහි නොකියන්න. දෙවියන්වහන්සේ නුඹේ හඬට උදහස්ව නුඹේ අත්වල කර්මාන්තය නාස්ති කරන්ට ඕනෑ මන්ද?
මක්නිසාද ස්වප්න හා නිෂ්ඵලකම් රාශියකිනුත් බොහෝ වචනවලිනුත් මෙසේ සිදුවේ. එබැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන්න.
මෙසේ මුළු යුදයෙහිද ගලීලයෙහිද සමාරියෙහිද සභාව දියුණුවී, සමාදානය ලැබ, ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හැසිරෙමින්, ශුද්ධාත්මයාණන්ගේ පිහිටවීමෙන් වර්ධනයවූවාය.
එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකර ගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.
තවද මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්‍රියාවේ ප්‍රකාර විනිශ්චයකරන තැනන්වහන්සේට පියාණෝය කියා නුඹලා යාච්ඤාකරන්නහු නම්, නුඹලාගේ විදේශීව සිටීමේ කාලය භයින් පසුකරන්න.