හිතෝපදේශ 10:23 - Sinhala Revised Old Version නපුරුකම්කිරීම අඥානයාට සෙල්ලමක් වැනිය; නුවණ ඇති මනුෂ්‍යයාට ප්‍රඥාවත් එසේමය. Sinhala New Revised Version අනුවණයාගේ විනෝදය නපුරු ක්‍රියා කිරීම ය; නුවණැත්තාගේ ප්‍රීතිය ප්‍රඥාව ලැබීම ය. Sinhala New Revised Version 2018 අනුවණයාගේ විනෝදය නපුරු ක්‍රියා කිරීම ය; නුවණැත්තාගේ ප්‍රීතිය ප්‍රඥාව ලැබීම ය. |
සිතින් ප්‍රඥාවත් අය බුද්ධිමත් කෙනෙකැයි කියනු ලබන්නේය; තොල්වල මිහිරිකමින්ද ඉගෙනගැන්ම වැඩිවේ.
තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂකෙරේවා, නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න. නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.