හිතෝපදේශ 1:24 - Sinhala Revised Old Version මක්නිසාද මම අඬගැසීමි, නුඹලා අකැමැතිවූහුය; මාගේ අත දිගුකෙළෙමි, කවරෙක්වත් සැලකුවේ නැත; Sinhala New Revised Version මම හඬගැසුවෙමි; ඔබ සවන් දුන්නේ නැත. මම ආයාචනා කෙළෙමි; ඔබ සැලකුවේ නැත. Sinhala New Revised Version 2018 මම හඬගැසුවෙමි; ඔබ සවන් දුන්නේ නැත. මම ආයාචනා කෙළෙමි; ඔබ සැලකුවේ නැත. |
එහෙත් සුවයක් නැති තරම් ස්වාමීන්වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම්කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය.
මනුෂ්‍යයාගේ කුමන්ත්‍රණවලින් ඔබ හමුවෙහිවූ අප්‍රකාශස්ථානයෙහි ඔබ ඔවුන් සඟවනසේක. මුඛ විවාදයෙන් ඔවුන් විමානයෙක්හි රහස්ලෙස ආරක්ෂාකරනසේක.
මා ආවිට කිසිවෙක් නොසිටියෙත් මා අඬගැසූ විට උත්තරදෙන්ට කිසිවෙක් නොසිටියෙත් මක්නිසාද? මුදන්ට බැරි හැටියට මගේ අත ඇත්තටම කොටවී තිබේද? නොහොත් ගළවන්ට මා වෙත බලය නැද්ද? බලව, මාගේ තරවටුකිරීමෙන් මුහුද හින්දවමි, ගංගාවන් කාන්තාරයක් කරමි; වතුර නැති නිසා එහි මත්ස්‍යයන් ගඳගසනවා ඇත, පිපාසායෙන් මැරෙනවා ඇත.
නුඹලා මම කඩුවට නියමකරන්නෙමි; නුඹලා සියල්ලෝම මැරුම්කෑමට අසුවන්නහුය. මක්නිසාද මා අඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහුය, මා කථාකළ විට නුඹලා නොඅසා, මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කොට, මා කැමැති නැති දේ තෝරාගත්තහුය.
කැරළිකාරවූ, තමුන්ගේ යෝජනා අනුව හොඳ නැති මාර්ගයක යන්නාවූ සෙනඟක් දෙසට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගන සිටියෙමි.
මමත් ඔවුන්ට නිසි විපත්ති නියමකොට, ඔවුන් භයවන දේ ඔවුන් පිටට පමුණුවන්නෙමි; මක්නිසාද මා අඬගැසූ විට කිසිවෙක් උත්තර නුදුන්නේය; මා කථාකළ විට ඔව්හු නොඇසුවෝය; ඔව්හු මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කර, මා කැමැති නැති දේ තෝරාගත්තෝය.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, යූදාවරුන්ටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මා විසින් කියා තිබෙන මුළු විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි. මක්නිසාද මා ඔවුන්ට කථාකළ නුමුත් ඔව්හු නෑසුවෝය; මා ඔවුන්ට අඬගැසූ නුමුත් ඔව්හු උත්තර නුදුන්නෝයයි කියන්නැයි කීසේක.
ඉතින් නුඹලා මේ සියලු ක්‍රියාවල් කළ නිසාත්, මා නුඹලාට කථාකළ නුමුත්, අලුයම් වේලේ පටන්ම කථාකළ නුමුත්, නුඹලා ඇසුවේවත් මා නුඹලාට අඬගැසූ නුමුත් නුඹලා උත්තරදුන්නේවත් නැති නිසාත්,
නුඹ වාසයකරන්නේ වංචාව මැදය; වංචාව නිසා ඔව්හු මා ඇඳිනගැනීම එපාකරතියි ස්වාමීන්වහන්සේ කියනසේක.
එබැවින් මමත් කෝපයෙන් ක්‍රියාකරන්නෙමි. මාගේ ඇස දයා නොකරන්නේය, මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහත් හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමියි මට කීසේක.
ඔබගේ වචනය නිර්භීතකමින් කථාකරන්ටත් ඔබගේ ශුද්ධ සේවකයාවූ යේසුස්වහන්සේගේ නාමය කරණකොටගෙන හාස්කම්ද පුදුමද කරන්ටත් ඔබගේ දාසයන්ට වර දුන මැනවයි කීවෝය.
නුමුත් ඔහු ඉශ්‍රායෙල් ගැන කථාකොට: අකීකරුවූ විරුද්ධවාදීවූ සෙනඟකට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගෙන සිටියෙමියි කියයි.
සාවුල් ස්වාමීන්වහන්සේගෙන් විචාළ කල ස්වාමීන්වහන්සේ ස්වප්නවලින්වත් ඌරිම්වලින්වත් අනාගතවක්තෲන් ලවාවත් ඔහුට උත්තර නුදුන්සේක.