හග්ගයි 2:6 - Sinhala Revised Old Version මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ටික කලකින් තව වරක් අහස සහ පොළොවත් මුහුද සහ ගොඩත් සොලවන්නෙමි; Sinhala New Revised Version සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නොබෝ කලකින් මම අහස සහ පොළොවත්, මුහුද සහ ගොඩබිමත් සොලවන්නෙමි. සියලු ජාතීන් ද සොලවන්නෙමි. ඔවුන්ගේ වස්තුව මෙහි ගලා එන්නේ ය. Sinhala New Revised Version 2018 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නොබෝ කලකින් මම අහස සහ පොළොවත්, මුහුද සහ ගොඩබිමත් සොලවන්නෙමි. සියලු ජාතීන් ද සොලවන්නෙමි. ඔවුන්ගේ වස්තුව මෙහි ගලා එන්නේ ය. |
එවිට පොළොව සෙලවී කම්පාවූවාය, කඳුවල අත්තිවාරම්ද දෙදරා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස්වූසේක.
මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය.
එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේගේ කෝපයේදීද උන්වහන්සේගේ තද උදහස් දවසේදීද මම අහස චංචලකරන්නෙමි, පොළොවද එහි ස්ථානයෙන් සෙලවී පහවයන්නේය.
පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් පර්වතවල ගුහාවලටත් පොළොවේ කූපවලටත් ඔව්හු ඇතුල්වන්නෝය.
තව ස්වල්ප කලකින් ලෙබනොන් වනය උයනක් වෙන්ටත් උයන වනයක් කොට ගණන් ගනු ලබන්ටත් තිබෙනවා නොවේද?
මුළු අහස් සේනාව ක්ෂයවී, අහස අකුළන පොතක් මෙන් ඇකිළී, එහි මුළු සේනාව මිදිවැලෙන් වැටෙන කොළ මෙන්ද අත්තික්කා ගහෙන් වියළී වැටෙන කොළයක් මෙන්ද වැටෙන්නේය.
බලව, ඉශ්‍රායෙල් වංශය ගැනත් යූදා වංශය ගැනත් මා කියා තිබෙන ඒ යහපත් වචනය මා විසින් ඉෂ්ටකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මක්නිසාද: බබිලොන් දුව මඩිනු ලබන කලවිටක් මෙන්ය; තව ටිකකින් ගොයම් කපන කාලය ඈට පැමිණේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
මක්නිසාද මාගේ කෝපයෙන්ද මාගේ උදහස් ගින්නෙන්ද මෙසේ කියමි: සැබවින්ම ඒ කාලයේදී ඉශ්‍රායෙල් රටෙහි මහත් කම්පාවක් වන්නේය;
මුහුදේ මත්ස්‍යයෝද ආකාශයේ පක්ෂීහුද වනයේ මෘගයෝද භූමියෙහි බඩගායන සියලුම සත්වයෝද භූමිය මතුපිට සිටින සියලු මනුෂ්‍යයෝද මා ඉදිරියෙහි වෙවුලන්නෝය, කඳු හෙළාදමනු ලබන්ටත් උස්තැන් වැටෙන්ටත් සියලු පවුරු බිම වැටෙන්ටත් යෙදෙනවා ඇත.
ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනසේක; අහසද පොළොවද සෙලවෙනවා ඇත. එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟට රක්ෂාස්ථානයක්ව, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට බලකොටුවක්ව සිටිනසේක.
සෙනඟගෙන්ද ගෝත්‍රයන්ගෙන්ද භාෂාවන්ගෙන්ද ජාතීන්ගෙන්ද මනුෂ්‍යයෝ ඔවුන්ගේ මළකඳන් දෙස දවස් තුනහමාරක් බලා සිටිමින්, මළකඳන් සොහොනක තබන්ට ඉඩ නොදෙති.