සත් දවසක් පූජාසනය උදෙසා සමඟිකිරීමේ පූජාව ඔප්පුකොට ඒක විශුද්ධකරන්න. මෙසේ පූජාසනය අති ශුද්ධ වන්නේය; පූජාසනයට ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධ වන්නේය.
හග්ගයි 2:12 - Sinhala Revised Old Version යමෙක් තමාගේ වස්ත්‍ර කෙළවරින් ශුද්ධ මාංසය ගෙනයන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ හොදිවල හෝ මුද්‍රිකපානයෙහි හෝ තෙල්වල හෝ වෙන යම් කෑමක හෝ තැවරුණොත් ඒවා ශුද්ධවන්නේද කියා ව්‍යවස්ථාව ගැන පූජකයන්ගෙන් අසන්නැයි කියනසේක. පූජකයෝ උත්තරදෙමින්: නැතැයි කීවෝය. Sinhala New Revised Version යමෙකු තමාගේ වස්ත්‍ර කෙළවරේ කැප කරන ලද මාංසය ගෙන යන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ පිදූ හොදිවල හෝ මිදියුසවල හෝ තෙල්වල හෝ වෙනයම් කෑමක හෝ ගෑවුණොත් ඒවා ඒ හේතුවෙන් කැප කළ ආහාර වන්නේ ද?” ඒ ප්‍රශ්නය ඇසූ විට පූජකයෝ, “නැතැ”යි පිළිතුරු දුන්හ. Sinhala New Revised Version 2018 යමෙකු තමාගේ වස්ත්‍ර කෙළවරේ කැප කරන ලද මාංසය ගෙන යන විට ඒ වස්ත්‍ර කෙළවර පූපවල හෝ පිදූ හොදිවල හෝ මිදියුසවල හෝ තෙල්වල හෝ වෙනයම් කෑමක හෝ ගෑවුණොත් ඒවා ඒ හේතුවෙන් කැප කළ ආහාර වන්නේ ද?” ඒ ප්‍රශ්නය ඇසූ විට පූජකයෝ, “නැතැ”යි පිළිතුරු දුන්හ. |
සත් දවසක් පූජාසනය උදෙසා සමඟිකිරීමේ පූජාව ඔප්පුකොට ඒක විශුද්ධකරන්න. මෙසේ පූජාසනය අති ශුද්ධ වන්නේය; පූජාසනයට ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධ වන්නේය.
මළ මැස්සන් නිසා තෛල මිශ්‍රකරන්නාගේ තෙල් ගඳගසා නරක් වේ. එසේම ප්‍රඥාවටත් ගෞරවයටත් වඩා ස්වල්ප මෝඩකමක් බරය.
ඔවුන් පිට-මළුවට එනම් පිට-මළුවේ සෙනඟ ළඟට යන කල, ඔවුන් සේවයකරන්ට අඳින තමුන්ගේ වස්ත්‍ර ගළවා, ඒවා ශුද්ධස්ථානයේ කාමරවල තබා, තමුන්ගේ වස්ත්‍රවලින් සෙනඟ විශුද්ධ නොකරන පිණිස වෙන වස්ත්‍ර ඇඳගනිත්වා.
ඒකේ මාංසයෙහි ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධවන්නේය. ඒකේ ලේ කිසි වස්ත්‍රයක ඉසුණොත් ඒ ඉසුණු වස්ත්‍රය ශුද්ධවූ ඉඩමක සෝදන්න.
පූජකයන් අතරෙහි සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන. ශුද්ධවූ තැනකදී එය කෑ යුතුය. එය අති ශුද්ධය.
ඔව්හු යාකොබ්ට ඔබගේ විනිශ්චයන්ද ඉශ්‍රායෙල්ට ඔබගේ ව්‍යවස්ථාවද උගන්වන්නෝය. ඔබ ඉදිරියෙහි සුවඳ දුම්ද ඔබගේ පූජාසන මතුයෙහි මුළු දවන පූජාවද තබන්නෝය.