Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 23:19 - Sinhala Revised Old Version

19 අන්ධයෙනි, වඩා උතුම් කොයි එකද? පඬුරද? පඬුර විශුද්ධකරන පූජාසනයද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 අන්ධයෙනි, වඩා උතුම් කොයි එක ද? පඬුරු ද, පඬුර විශුද්ධ කරන පූජාසනය ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 අන්ධ මිනිසුනි, වඩා උතුම් කොයික ද? පඬුර ද? පඬුර විශුද්ධ කරන පූජාසනය ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 අන්ධයෙනි, වඩා උතුම් කොයි එක ද? පඬුරු ද, පඬුර විශුද්ධ කරන පූජාසනය ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 23:19
6 හුවමාරු යොමු  

සත් දවසක් පූජාසනය උදෙසා සමඟිකිරීමේ පූජාව ඔප්පුකොට ඒක විශුද්ධකරන්න. මෙසේ පූජාසනය අති ශුද්ධ වන්නේය; පූජාසනයට ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධ වන්නේය.


ඒවා අති ශුද්ධව තිබෙන පිණිස එසේ විශුද්ධකරන්න. ඒවාට තැවරෙන කොයි දෙයක් නමුත් කැපව තිබේවා.


යමෙක් තමාගේ වස්ත්‍ර කෙළවරින් ශුද්ධ මාංසය ගෙනයන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ හොදිවල හෝ මුද්‍රිකපානයෙහි හෝ තෙල්වල හෝ වෙන යම් කෑමක හෝ තැවරුණොත් ඒවා ශුද්ධවන්නේද කියා ව්‍යවස්ථාව ගැන පූජකයන්ගෙන් අසන්නැයි කියනසේක. පූජකයෝ උත්තරදෙමින්: නැතැයි කීවෝය.


අඥානයෙනි, අන්ධයෙනි, වඩා උතුම් කොයි එකද? රන්ද? රන් විශුද්ධකළ දේවමාළිගාවද?


තවද: යමෙක් පූජාසනය ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් ඒ පිට තිබෙන පඬුර ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද නුඹලා කියන්නෝය.


එබැවින් පූජාසනය ගැන දිවුරන්නා ඒ ගැනද ඒ පිට තිබෙන සියල්ල ගැනද දිවුරන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්