Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හග්ගයි 2:13 - Sinhala Revised Old Version

13 එවිට හග්ගයි: මළකඳකින් අපවිත්‍රවී සිටින කෙනෙක් ඒවායෙන් යමකට තැවරුණොත් එය අපවිත්‍රවේදැයි ඇසුවේය. පූජකයෝ උත්තරදෙමින්: අපවිත්‍රවේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 නැවතත් හග්ගයි මෙසේ ඇසී ය: “මළමිනියක් ස්පර්ශ කිරීමෙන් අපවිත්‍ර වූ යම් කෙනෙකු ඒ ආහාර ස්පර්ශ කළොත් ඒවා අපවිත්‍ර වෙයි ද?” ඒ ප්‍රශ්නයට පූජකයෝ, “අපවිත්‍ර ය”යි පිළිතුරු දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 නැවතත් හග්ගයි මෙසේ ඇසී ය: “මළමිනියක් ස්පර්ශ කිරීමෙන් අපවිත්‍ර වූ යම් කෙනෙකු ඒ ආහාර ස්පර්ශ කළොත් ඒවා අපවිත්‍ර වෙයි ද?” ඒ ප්‍රශ්නයට පූජකයෝ, “අපවිත්‍ර ය”යි පිළිතුරු දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හග්ගයි 2:13
6 හුවමාරු යොමු  

ඔවුන් මුද්‍රිකපානය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වගුරුවන්නේවත් ඔවුන්ගේ පූජාවලට උන්වහන්සේ ප්‍රසන්නවන්නේවත් නැත. ඒවා ඔවුන්ට ශෝකයේ ආහාර මෙන් වන්නේය; ඒවා කන සියල්ලෝම අපවිත්‍රවන්නෝය. මක්නිසාද ඔවුන්ගේ කෑම ඔවුන්ගේ බඩගින්න නිසා පමණක්ය; ඒවා ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.


මළ මැස්සන් නිසා තෛල මිශ්‍රකරන්නාගේ තෙල් ගඳගසා නරක් වේ. එසේම ප්‍රඥාවටත් ගෞරවයටත් වඩා ස්වල්ප මෝඩකමක් බරය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්