සෙකරියා 6:7 - Sinhala Revised Old Version දුඹුරුපාට එවුවෝ පිටත්ව දේශයෙහි ඇවිදීමට යන්ට වෑයම්කළෝය. ගොස් දේශයෙහි ඇවිදින්නැයි උන්වහන්සේ කීසේක. එවිට උන් දේශයෙහි ඇවිද්දෝය. Sinhala New Revised Version අශ්වයන් පිටතට ආ විට පොළොව පරීක්ෂා කර බැලීමට ඔවුන්ට ඉවසිල්ලක් නො වී ය. “ගොස් පොළොව පරීක්ෂා කර බලන්නැ”යි දේව දූතයා කී ය. ඔව්හු එසේ කළහ. Sinhala New Revised Version 2018 අශ්වයන් පිටතට ආ විට පොළොව පරීක්ෂා කර බැලීමට ඔවුන්ට ඉවසිල්ලක් නො වී ය. “ගොස් පොළොව පරීක්ෂා කර බලන්නැ”යි දේව දූතයා කී ය. ඔව්හු එසේ කළහ. |
මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින්, උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය. මේ ගැන නුඹ අණුවණ ලෙස ක්‍රියාකෙළෙහිය; මෙතැන් පටන් නුඹට විරුද්ධව යුද්ධ ඇතිවන්නේයයි කීවේය.
එකල අනික් සියලු මෘගයන්ට වෙනස්වූ, ඉතාමත් භයානකවූ, යකඩ දත් සහ පිත්තල නියපොතු ඇත්තාවූ, කාදමා පොඩිකර ඉතිරි ඒවා පයින් පෑගුවාවූ සතරවෙනි මෘගයා ගැනද,
අං දසය නම් මේ රාජ්‍යයෙන් නැගිටින රජවරු දස දෙනෙක්ය. ඔවුන්ට පසුව තවත් එක්කෙනෙක් නැගිටින්නේය; ඔහු පළමු තැනැත්තන්ට වෙනස්ව සිටින්නේය, ඔහු රජවරුන් තුන් දෙනෙක් පහත්කරදමන්නේය.
එවිට රටමරඳ ගස් අතරේ සිටි මනුෂ්‍යයා උත්තරදෙමින්: මොව්හු වනාහි පොළොවෙහි ඇවිදින්ට ස්වාමීන්වහන්සේ විසින් ඇරිය තැනැත්තෝයයි කීවේය.
ඔව්හු ඒදොම් දේශය වටකර යන පිණිස රතු මුහුදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. එවිට ගමන් මාර්ගයේදී සෙනඟගේ සිත බොහෝසේ අධෛර්යය විය.