Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 7:24 - Sinhala Revised Old Version

24 අං දසය නම් මේ රාජ්‍යයෙන් නැගිටින රජවරු දස දෙනෙක්ය. ඔවුන්ට පසුව තවත් එක්කෙනෙක් නැගිටින්නේය; ඔහු පළමු තැනැත්තන්ට වෙනස්ව සිටින්නේය, ඔහු රජවරුන් තුන් දෙනෙක් පහත්කරදමන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 අං දසය නම්, මේ රාජ්‍යයෙන් පැන නඟින රජවරු දසදෙනෙකි. ඔවුන්ට පසු ව තවත් රජ කෙනෙක් නැඟිටින්නේ ය. ඔහු පළමු කී රජවරුන්ට වඩා වෙනස් වන්නේ ය. ඔහු රජවරුන් තුන්දෙනෙකු පහතට හෙළාදමන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 7:24
13 හුවමාරු යොමු  

උගේ හිසේ තිබුණු අං දසය ගැනද, යම් අඟක් හටගෙන අං තුනක් හෙළාදැමුවේද ඒ අඟ ගැනද, එනම් ඇස් සහ උඩඟුලෙස කථාකරන මුඛයක් ඇත්තාවූ, අනික් ඒවාට වඩා මහත්ව පෙනුණාවූ අඟ ගැනද අර්ථය දැනගන්ට කැමැතිව සිටියෙමි.


අං දසයක්ද හිස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට ඔටුනු දසයක්ද උගේ හිස්වල අපහාස නාමවල්ද තිබුණේය.


රජද තමාගේ කැමැත්තේ හැටියට කර, සියලු දෙවිවරුන්ට විරුද්ධව උසස්වී, උඩඟුවී, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේටත් විරුද්ධව අපූරු දේ කථාකරනවා ඇත. උදහස තීන්දුවෙන තුරුද ඔහු සඵලවෙනවා ඇත; මක්නිසාද නියමය ඉෂ්ටවන්නේය.


ඔහු ආත්මයාණන්ගේ ආනුභාවයෙන් කාන්තාරයකට මා ගෙනගියේය. එවිට දේව අපහාස නාමවලින් පිරී සිටියාවූ හිස් සතක් හා අං දසයක් ඇත්තාව රතුපාට මෘගයෙකු පිට ස්ත්‍රියෙක් වාඩිවී ඉන්නවා දුටිමි.


අහසෙහි තවත් පුදුමයක්ද දක්නාලද්දේය; එනම් හිස් සතක්ද අං දසයක්ද තමාගේ හිස් පිට ඔටුනු සතක්ද ඇති මහත් රතු සර්පයෙක් විය.


ඔහු මෙසේ කීවේය: සතරවෙනි මෘගයා නම් සියලු රාජ්‍යවලට වෙනස්වූ, මුළු පොළොව නාස්තිකොට පාගාදමා පොඩිකරන සතරවෙනි රාජ්‍යයක්ය.


පාදවලින්ද පාද ඇඟිලිවලින්ද කොටසක් කුම්භකාරයාගේ මැටිත් කොටසක් යකඩත් බව ඔබ දුටුහෙයින්, ඒ රාජ්‍යය බෙදී තිබෙනවා ඇත; නුමුත් යකඩ මැටි සමඟ මිශ්‍රව තිබෙනවා ඔබ දුටු හෙයින්, යකඩවල සවිය ඒක තුළ වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්