මාගේ නාමය එහි වන්නේයයි ඔබ යම් ස්ථානයක් ගැන කීසේක්ද ඒ ස්ථානය වන මේ ගෘහය දෙස ඔබගේ ඇස් රෑ දාවල් ඇරී තිබේවා. මේ ස්ථානය දෙසට ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන යාච්ඤාවද ඇසුව මැනව.
සෙකරියා 12:4 - Sinhala Revised Old Version ඒ කාලයෙහි මම සියලු අශ්වයන්ට කුල්මත්කමද අසරුවන්ට උමතුකමද පැමිණවීමෙන් පහරදෙන්නෙමි. නුමුත් යූදා වංශය කෙරේ මාගේ ඇස් ඇරගන ඉඳ, ජනයන්ගේ සියලු අශ්වයන්ට අන්ධකමෙන් පහරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ඒ කාලයේ දී මම සියලු අශ්වයන් බිය ගන්වා අසරුවන් වියරු වැටෙන්න සලස්වන්නෙමි. එහෙත්, මම ජුදාහි සෙනඟ රැක බලාගෙන ඔවුන්ගේ සතුරන්ගේ අශ්වයන් අන්ධ කරන්නෙමි. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ඒ කාලයේ දී මම සියලු අශ්වයන් බිය ගන්වා අසරුවන් වියරු වැටෙන්න සලස්වන්නෙමි. එහෙත්, මම ජුදාහි සෙනඟ රැක බලාගෙන ඔවුන්ගේ සතුරන්ගේ අශ්වයන් අන්ධ කරන්නෙමි. |
මාගේ නාමය එහි වන්නේයයි ඔබ යම් ස්ථානයක් ගැන කීසේක්ද ඒ ස්ථානය වන මේ ගෘහය දෙස ඔබගේ ඇස් රෑ දාවල් ඇරී තිබේවා. මේ ස්ථානය දෙසට ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන යාච්ඤාවද ඇසුව මැනව.
එබැවින් ඔහු අශ්වයන්ද රථද මහත් හමුදාවක්ද එහි ඇරියේය. ඔව්හු රාත්‍රියේ ඇවිත් නුවර වටලාගත්තෝය.
ඔවුන් එලිෂා ළඟට බැස්ස කල ඔහු: මේ සෙනඟ අන්ධකළ මැනවයි ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය. උන්වහන්සේ එලිෂාගේ වචනය ලෙස ඔවුන් අන්ධකළසේක.
ඔබ යම් ස්ථානයක් ගැන–මාගේ නාමය එහි තබන්නෙමියි කීසේක්ද ඒ ස්ථානය වන මේ ගෘහය දෙස ඔබගේ ඇස් රෑ දාවල් ඇරී තිබේවා; මේ ස්ථානය දෙසට හැරී ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන යාච්ඤාවද ඇසුව මැනව.
දැන්, මාගේ දෙවියන්වහන්ස, මේ ස්ථානයෙහිදී කරන යාච්ඤාවට ඔබගේ ඇස් ඇරී ඔබගේ කන් යොමුවී තිබේවා.
ඔබගේ මෙහෙකරුවූ ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔබගේ මෙහෙකරුවා වූ මා විසින් දැනට රෑ දාවල් ඔබ ඉදිරියෙහි ඔප්පුකරන යාච්ඤාවද, ඉශ්‍රායෙල් පුත්‍රයන්වූ අප විසින් ඔබට විරුද්ධවකළ පව් කියාදීමද අසන පිණිස ඔබගේ කන යොමා, ඔබගේ ඇස්ද ඇරී තිබේවයි ඔබගෙන් ඉල්ලා සිටිමි. එසේය, මමත් මාගේ පියවංශයත් පව්කෙළෙමුව.
ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ උසස්ථානයෙහි සිටින උත්තමයන්ගේ සේනාවටත් පොළොවේ සිටින පොළොවේ රජවරුන්ටත් දඬුවම්කරනසේක.
ස්වාමීන්වහන්ස, ඔබගේ කන නමා ඇසුව මැනව; ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන්වහන්සේට අපහාසකරන පිණිස සෙනකෙරීබ් කියා එවූ වචන ඇසුව මැනව.
යහපත පිණිස මාගේ ඇස් ඔවුන් කෙරෙහි යොමුකොට, ඔවුන් මේ දේශයට නැවත පමුණුවන්නෙමි. ඔවුන් කඩා නොදමා ගොඩනගන්නෙමි; උදුරා නොදමා හිටවන්නෙමි.
මම නුඹ පස්සට හරවා, නුඹේ හකුවල කොකු දමා, නුඹ සහ නුඹේ මුළු සේනාව අසුන්ද අසුරුවන්ද ඇතුළුව පිටතට ගෙනයන්නෙමි; ඔවුන් සියල්ලෝම අලංකාර වස්ත්‍ර ඇඳගන, පලිස්ද කුඩා පලිස්ද ඇති මහත් සමූහයක්ව, සියල්ලෝම කඩු පාවිච්චි කරන්නෝව සිටිති.
තෙපි අශ්වයන්ගෙන්ද අසරුවන්ගෙන්ද බලවතුන්ගෙන්ද සියලු යුද්ධකාරයන්ගෙන්ද මාගේ මේසය ළඟ තෘප්තියට පැමිණෙන්නහුයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කන් නමා ඇසුව මැනව; ඔබගේ ඇස් හැර අපේ අසරණකමද ඔබගේ නාමය දරන නුවරද බැලුව මැනව. මක්නිසාද අපේ කන්නලව් අප විසින් ඔබ ඉදිරියෙහි ඔප්පුකරන්නේ අපේ ධර්මිෂ්ඨකම් නිසා නොව ඔබගේ මහත් අනුකම්පාවල් නිසාය.
ඔවුන් බලවතුන්ව, යුද්ධයේදී සතුරන් වීථිවල මඩේ පාගා දමා, ස්වාමීන්වහන්සේ ඔවුන් සමග සිටින නිසා සටන්කර, අශ්වයන් පිට නැගීයන්නන් ලජ්ජාවට පමුණුවනවා ඇත.
ඒ කාලයේ මෙගිද්දොන් සමභූමියෙහිදී වූ හදද්රිම්මොන්හි වැලපීම මෙන් යෙරුසලමෙහි මහත් වැලපීමක් වන්නේය.
ඒ කාලයේදී මම සියලු ජනයන්ට යෙරුසලම බරවූ ගලක් කරන්නෙමි; එය උස්සාගන්න සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය; පොළොවේ සියලු ජාතීහුද ඊට විරුද්ධව රැස්වන්නෝය.
යෙරුසලමේ වැසියෝ ඔවුන්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කරණකොටගෙන මාගේ බලය වන්නෝයයි යූදාහි ප්‍රධානීහු තමුන්ගේ සිතින් කියාගන්නෝය.
ඒ කාලයෙහි වටකර සිටින සියලුම ජනයන් දකුණෙන්ද වමෙන්ද දාලායන හැටියට යූදාහි ප්‍රධානීන් දර අතරෙහි තිබෙන ගිනි භාජනයක් මෙන්ද ගොයම් මිටියක් තුළ තිබෙන ගිනි පෙනෙල්ලක් මෙන්ද කරන්නෙමි. යෙරුසලමේ වැසියන්ද තමුන්ගේ ස්ථානය වන යෙරුසලමෙහි නැවත වාසයකරනවා ඇත.
මේ පීඩාව මෙන් අශ්වයන්ටත් අශ්වතරයන්ටත් ඔටුවන්ටත් කොටළුවන්ටත් ඒ අන්දායම්වල සිටින සියලුම මෘගයන්ටත් පීඩාවක් වන්නේය.
මම සේනාව නිසා කිසිවෙකුට යන්ටවත් එන්ටවත් නොලැබෙන ලෙස මාගේ ගෘහය අවටින් අන්දායම් බැඳගන සිටින්නෙමි. පීඩාකරන්නෙක් තවත් ඔවුන් මැදින් නොයන්නේය. මක්නිසාද දැන් මාගේ ඇසින්ම දුටිමි.
ඉතින් මේ නොදන්නාකමේ කාලවල් දෙවියන්වහන්සේ නොබලා හැරිය නුමුත් සියලු මනුෂ්‍යයන්ට හැමතැන්හි පසුතැවිලිවෙන්ට දැන් අණකරනසේක.