Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 28:28 - Sinhala Revised Old Version

28 ස්වාමීන්වහන්සේ උමතුකමද අන්ධකමද විස්මිතභාවයද යන මේවායින් නුඹට පහරදෙනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 උන් වහන්සේ ඔබ උමතු බවට පමුණුවා, ඔබේ ඇස් අන්ධ කොට, ඔබ අවුල් වියවුල් කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 උන් වහන්සේ ඔබ උමතු බවට පමුණුවා, ඔබේ ඇස් අන්ධ කොට, ඔබ අවුල් වියවුල් කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:28
16 හුවමාරු යොමු  

ඒ දවසේදී රජුගේ සිතද අධිපතීන්ගේ සිත්ද බයාදුවන්නෝය; පූජකයෝ විස්මපත්වනනෝය, අනාගතවක්තෘවරුද ත්‍රස්තවන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් ස්වාමීන්වහන්සේගේ ආත්මය සාවුල්ගෙන් පහව ගොස් ස්වාමීන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔහු කැලඹුවේය.


අනාගතවක්තෘවරුන්ගේ පොත්වල කියා තිබෙන කාරණා නුඹලා පිටට නොපැමිණෙන ලෙස බලාගන්නැයි කීවේය.


මම යෙරුසලමේ කෑම නැමති යෂ්ටියද නැතිකරන්නෙමි. මෙසේ ඔව්හු කෑම කිරා පිරිමසාගන කන්නෝය; කනස්සලු‍කමින් වතුර මැන බොන්නෝයයි කීසේක.


ඔබ ස්වකීය සෙනඟට දුෂ්කර දේ දැක්වූසේක. මත්කරවන මුද්‍රිකපානය අපට පෙවූසේක.


බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි.


තවද ඔව්හු ගෙයි දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන් අන්ධ කළෝය. මෙසේ ඔව්හු දොර සොයමින් වෙහෙසුණෝය.


සුවවිය නොහැකි ලෙස ස්වාමීන්වහන්සේ මිසරයේ ගඩුවලින්ද අර්ශස්වලින්ද පිළිකාවලින්ද හොරිවලින්ද නුඹට පහරදෙනසේක.


අන්ධයා අඳුරෙහි අතගගා යන්නාක් මෙන් නුඹ ඉර මුදුන් වේලාවෙහි අතගගා යන්නෙහිය, නුඹේ මාර්ගවලදී නුඹ සඵලනොවන්නෙහිය. නුඹ ගළවන්ට කිසිවෙකු නැතුව නුඹ නිරන්තරයෙන් පීඩාවට හා කොල්ලයටම ගොදුරු වන්නෙහිය.


ඔව්හු අන්ධයන් මෙන් වීථිවල ඔබ මොබ යති, මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වස්ත්‍රවල තැවරෙන්ට බැරි තරමට ඔව්හු ලෙයින් කිලුටුවී සිටිති.


තවද මා විසින් නුඹ ඉදිරියෙහි තැබූ ආශීර්වාදයද ශාපයද යන මේ සියලු දේ නුඹ පිටට පැමිණි කල්හි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් නුඹ පන්නාදැමූ සියලු ජාතීන් අතරේදී ඒවා සිතට ගෙන,


ඉන්පසු ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලේ හැටියට ආශීර්වාදයත් ශාපයත් යන ව්‍යවස්ථාවේ සියලු වචන ඔහු කියෙවුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්