ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සෙකරියා 1:11 - Sinhala Revised Old Version

ඔව්හු රටමරඳ ගස් අතරේ සිටි ස්වාමීන්වහන්සේගේ දූතයාට උත්තරදෙමින්: අපි පොළොවෙහි ඇවිද්දෙමුව, මුළු පොළොව නිස්කලංකව නිශ්චලව තිබේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු රටමරඳ ගස් අතරේ සිටි සමිඳාණන් වහන්සේගේ දූතයාට පිළිතුරු දෙමින්, “අපි පො‍ළොව සැරිසරා, මුළු පො‍ළොව ම නිශ්කලංක ව, නිශ්චල ව තිබෙන බව දුටිමු”යි සැළ කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු රටමරඳ ගස් අතරේ සිටි සමිඳාණන් වහන්සේගේ දූතයාට පිළිතුරු දෙමින්, “අපි පො‍ළොව සැරිසරා, මුළු පො‍ළොව ම නිශ්කලංක ව, නිශ්චල ව තිබෙන බව දුටිමු”යි සැළ කළහ.

පරිච්ඡේදය බලන්න



සෙකරියා 1:11
16 හුවමාරු යොමු  

එවිට ස්වාමීන්වහන්සේ: නුඹ කොතැන සිට ආයෙහිදැයි සාතන්ගෙන් ඇසූසේක. සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: පොළොවෙහි ගමන්කොට ඔබ මොබ ඇවිද ආවෙමියි කීවේය.


දෙවියන්වහන්සේගේ රථ විසිදහසක්ය, දහස්වර දහස් ගණන්ය. ස්වාමීන්වහන්සේ සීනයිහි මෙන්, ශුද්ධස්ථානයෙහි, ඒවා මැද වනසේක.


මුළු පොළොව නිෂ්කලංකව නිශ්චලව තිබේ; මනුෂ්‍යයෝ ගී කියමින් මොරගසති.


එවිට ඔහු: මම නුඹ ළඟට කුමකට ආයෙම්දැයි දන්නෙහිද? මම දැන් පර්සියාවේ අධිපතියා සමඟ යුද්ධකරන්ට හැරී යන්නෙමි. මා පිටත්ව ගිය කල ග්‍රීසියේ අධිපතියා එන්නේය.


එවිට රටමරඳ ගස් අතරේ සිටි මනුෂ්‍යයා උත්තරදෙමින්: මොව්හු වනාහි පොළොවෙහි ඇවිදින්ට ස්වාමීන්වහන්සේ විසින් ඇරිය තැනැත්තෝයයි කීවේය.


නොසැලකිලි ජාතීන් කෙරෙහි මහත් අප්‍රසන්නකමකින් අප්‍රසන්නව සිටිමි. මක්නිසාද මා ස්වල්ප වශයෙන් අප්‍රසන්නව සිටි විට ඔව්හු පීඩාව වැඩිකළෝය.


මම රාත්‍රියේදී බලා මනුෂ්‍යයෙක් රතු අශ්වයෙකු පිට නැගී ඉන්නවා දුටිමි, ඔහු පහළ තිබුණු රටමරඳ ගස් අතරේ සිටියේය; ඔහුට පිටිපස්සේ රතුවූ දුඹුරුවූ සුදුවූ අශ්වයෝ සිටියෝය.


දුඹුරුපාට එවුවෝ පිටත්ව දේශයෙහි ඇවිදීමට යන්ට වෑයම්කළෝය. ගොස් දේශයෙහි ඇවිදින්නැයි උන්වහන්සේ කීසේක. එවිට උන් දේශයෙහි ඇවිද්දෝය.


මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක, ඔව්හු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට,


ලෝකාන්තිමයේදී එසේම වන්නේය. දේවදූතයෝ නික්ම ඇවිත්, ධර්මිෂ්ඨයන් කෙරෙන් දුෂ්ටයන් වෙන්කොට,


මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක.


සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.


දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල,


ඉක්මනින් වෙන්ට ඕනෑ දේවල්, එනම් දෙවියන්වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේට දුන්නාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්කිරීමය. උන්වහන්සේ තමන් දූතයා කරණකොටගෙන තමන් මෙහෙකරුවූ යොහන්ට එය දන්වා එවූසේක.