නුමුත් මේ ආකාරයෙන් ඔබට ඔප්පුකිරීමට පොහොසත් වූ මමත් මාගේ සෙනඟත් කවුරුද? මක්නිසාද සියල්ලම පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබගේම දෙයින් අපි ඔබට දුනිමුව.
ලූක් 8:3 - Sinhala Revised Old Version හෙරොද්ගේ ගබඩාකාරවූ කුසාගේ භාර්යාවූ යොවන්නාද සූසානාද තමුන්ගේ වස්තුවෙන් උන්වහන්සේට උපස්ථාන කළවෙනත් බොහෝ ස්ත්‍රියෝද සිටියෝය. Sinhala New Revised Version හෙරොද්ගේ භාණ්ඩාගාරික වන කුසාගේ භාර්යාව වන ජෝවන්නා ද සුසානා ද සිය සම්පතින් උන් වහන්සේට උපස්ථාන කළ තවත් බොහෝ ස්ත්‍රීහු ද සිටියහ. සිංහල කාලීන පරිවර්තනය හෙරෝද්ගේ ගබඩා භාරකරු වූ කුසාගේ භාර්යාව වූ යොවන්නා ද සුසන්නා ද තමන්ට ඇති දෙයින් ඔවුන්ට උපස්ථාන කළ තව බොහෝ දෙනෙක් ද ඒ අතර වූහ. Sinhala New Revised Version 2018 හෙරොද්ගේ භාණ්ඩාගාරික වන කුසාගේ භාර්යාව වන ජෝවන්නා ද සුසානා ද සිය සම්පතින් උන් වහන්සේට උපස්ථාන කළ තවත් බොහෝ ස්ත්‍රීහු ද සිටියහ. |
නුමුත් මේ ආකාරයෙන් ඔබට ඔප්පුකිරීමට පොහොසත් වූ මමත් මාගේ සෙනඟත් කවුරුද? මක්නිසාද සියල්ලම පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබගේම දෙයින් අපි ඔබට දුනිමුව.
ඇගේ වෙළඳාමද කුලියද ස්වාමීන්වහන්සේට ශුද්ධව තිබේ. ඒවා නිධාන කරනු ලබන්නේවත් රැස්කරනු ලබන්නේවත් නැත; මක්නිසාද ඇගේ වෙළඳාම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වාසයකරන්නන්ට සෑහෙන පමණ කන පිණිසත් අලංකාර වස්ත්‍ර පිණිසත් වන්නේය.
මක්නිසාද හෙරොද් තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාවවූ හෙරෝදියස් නිසා යොහන් අල්වා බැඳ හිරගෙයි දමා තිබුණේය.
නුමුත් හෙරොද්ගේ උපන් දවස පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස මැද නටා හෙරොද් ප්‍රසන්නකළාය.
ඔව්හු ගෙට වැද, ළදරුවා ස්වකීය මවුවූ මරියා සමඟ සිටිනවා දැක, බිම වැටී උන්වහන්සේට නමස්කාරකොට, තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය.
සවස්වූ කල මිදිවත්තේ ස්වාමියා තමාගේ ගබඩාකාරයාට කථාකොට: වැඩකාරයන් කැඳවා අන්තිමයන්ගෙන් පටන්ගෙන පළමුවෙනියන් දක්වා ඔවුන්ට කුලිය දෙන්නැයි කීවේය.
එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.
යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ කැටුව ආවාවූ බොහෝ ස්ත්‍රීවරුත් එහි දුරින් බලා සිටියෝය.
ඒ ස්ත්‍රීහු නම් මග්දලායේ මරියාත් යොවන්නාත් යාකොබ්ගේ මවුවූ මරියාත්ය. ඔවුන් සමඟ අනික් ස්ත්‍රීහුද ප්‍රේරිතයන්ට මේ දේ කීවෝය.
ඔහු මේක කීවේ දිළිඳුන් සැලකූ නිසා නොව ඔහු සොරෙකු බැවිනුත් මුදල් පසුම්බිය භාරව එහි දැමූ දේ රැගෙනගිය බැවිනුත්ය.
අන්තියෝකියේ පිහිටි සභාවෙහි ප්‍රොපේතවරු සහ ගුරුවරු සිටියෝය; එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන්ද කිරේනියේ ලුකියස්ද දේශාධිපතිවූ හෙරොද් සමඟ ඇතිදැඩිවුණාවූ මානායින්ද සාවුල්ද යන අයවල්ය.
මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව, එනම්, උන්වහන්සේ ධනවන්තව සිටිය නුමුත්, තමන්වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන නුඹලා ධනවන්ත වන පිණිස, නුඹලා උදෙසා දිළිඳුවූ බව නුඹලා දන්නහුය.
යහපත් ක්‍රියා ගැන ප්‍රසිද්ධවූ, දරුවන් ඇතිකළාවූ, ආගන්තුක සත්කාරකළාවූ, ශුද්ධවන්තයන්ගේ පාද සේදුවාවූ, පීඩා විඳින්නන්ට උපකාරකළාවූ, සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදී සිටියාවූ තැනැත්තියක්ය.