Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 8:2 - Sinhala Revised Old Version

2 දුෂ්ටාත්මවලින් හා දුර්වලකම්වලින් සුවවුණාවූ සමහර ස්ත්‍රියෝද තමා කෙරෙන් යකුන් සත්දෙනෙක් දුරුව ගියාවූ මග්දලේනා නම් මරියාද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 අශුද්ධාත්ම කෙරෙන් හා ලෙඩ රෝගවලින් සුවය ලත් සමහර ස්ත්‍රීහු ද තමන් කෙරෙන් දුෂ්ටාත්මයන් හත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලේනා නම් ලත් මරියා ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 යක්ෂාත්ම හා රෝගවලින් සුවය ලද ස්ත්‍රීන් ඇතැම් දෙනෙක් ද උන්වහන්සේ සමඟ වූහ. තමන් කෙරෙන් යකුන් හත්දෙනකු දුරු කරන ලද මග්දලේනා නම් වූ මරියා ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 අශුද්ධාත්ම කෙරෙන් හා ලෙඩ රෝගවලින් සුවය ලත් සමහර ස්ත්‍රීහු ද තමන් කෙරෙන් දුෂ්ටාත්මයන් හත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලේනා නම් ලත් මරියා ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 8:2
11 හුවමාරු යොමු  

උන්වහන්සේ සතියේ පළමුවෙනිදා අලුයම් වේලේ නැගිටි කල පළමුකොට මග්දලායේ මරියාට පෙනුණුසේක. ඈ වනාහි උන්වහන්සේ විසින් යක්ෂයන් සත්දෙනෙකු දුරුකරනු ලැබූ තැනැත්තීය.


යේසුස්වහන්සේගේ මෑණියෝද මෑණියන්ගේ සහෝදරීවූ ක්ලෝපාස්ගේ භාර්යාවවූ මරියාද මග්දලායේ මරියාද උන්වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝය.


මේ සියල්ලෝම ස්ත්‍රීන්ද යේසුස්වහන්සේගේ මවුවූ මරියාද උන්වහන්සේගේ සහෝදරයන්ද සමඟ එක්සිත්ව නොකඩවම යාච්ඤාකරමින් සිටියෝය.


ගලීලයේ සිට උන්වහන්සේ සමඟ ආවාවූ ස්ත්‍රීහු ගොස්, සොහොන් ගෙයද උන්වහන්සේගේ මිනිය තැබූ අන්දමද බලා සිටියෝය.


උන්වහන්සේ අඳුනන සියල්ලෝද ගලීලයේ සිට උන්වහන්සේ අනුව ආ ස්ත්‍රීහුද ඒ දේවල් බල බලා දුරින් සිටියෝය.


සෙනඟගෙන්ද උන්වහන්සේ නිසා හඬා වැලපෙන්නාවූ ස්ත්‍රීන්ගෙන්ද යුක්තවූ මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය.


නුඹේ නම කිමෙක්දැයි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. ඔහුට බොහෝ යක්ෂයන් ආවේශව සිටි නිසා, ඔහු ලෙගියොන්යයි කීවේය.


සබත් දවස පසුවූ කල මග්දලායේ මරියාද යාකොබ්ගේ මවුවූ මරියාද සලෝමිද ඇවිත් උන්වහන්සේ ආලේපකරන පිණිස සුවඳ ද්‍රව්‍ය මිලේට ගෙන,


උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩාවලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්