ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 3:5 - Sinhala Revised Old Version

සියලු මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේගේ ගැළවීම දකින්නෝයයි වනයෙහි හඬගසන්නෙකුගේ ශබ්දයය කියා අනාගතවක්තෘවූ යෙසායාගේ වචන සඳහන්වූ පොතෙහි ලියා තිබෙන ලෙස,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සියලු කඳුරැළි පුරවනු ලැබේ;

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මිටියාවත් හැම පුරවනු ලබනු ඇත, හැම කන්දක් හා හෙලක්ම පහත් කරනු ලැබේ. ඇද වූ මාවත් කෙළින් කරනු ඇත, රළු මාර්ග මෘදු කෙරෙනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සියලු කඳුරැළි පුරවනු ලැබේ;

පරිච්ඡේදය බලන්න



ලූක් 3:5
11 හුවමාරු යොමු  

සියලු මිටි තැන් උස්වන්නේය, සියලු කඳු හා හෙල් පහත්කරනු ලබන්නේය. ඇද තැන් ඇදහරිනු ලබන්නේය, රළු තැන් සමතලාකරනු ලබන්නේය.


අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙනයන්නෙමි; ඔවුන් නොදන්නා මාවත්වලින් යන්ට සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියෙහි අන්ධකාරය එළිය කොට, ඇද තැන් ඇද අරින්නෙමි. මම මේ දේවල් කරන්නෙමි, ඔවුන් අත්නාරින්නෙමි.


මම නුඹට පෙරටුවෙන් ගොස් රළු තැන් සමතලාකොට, පිත්තල දොරවල් බිඳ දමා, යකඩ අගුල් කපාදමන්නෙමි.


මමද මාගේ සියලු කඳු මාර්ගයක් කරන්නෙමි, මාගේ මහ මාවත්ද උස්වන්නේය.


එවිට ස්වාමීන්වහන්සේවූ මා විසින් උස් ගහ පහත් කර, පහත් ගහ උසස්කළ බවත් අමුගහ වියළවා, වියළි ගහ සශ්‍රීකකර තිබෙන බවත් කෙතේ සියලු ගස් දැනගන්නවා ඇත. ස්වාමීන්වහන්සේ වන මම කීවෙමි, එලෙසම කරමියි කීය.


නුමුත් පහත් අඩියක සිටින සහෝදරයා තමාගේ උසස්වීම ගැනද,