ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 24:21 - Sinhala Revised Old Version

නුමුත් ඉශ්‍රායෙල් මුදාගන්ට සිටි තැනන්වහන්සේ උන්වහන්සේයයි අපි බලාපොරොත්තුවුණෙමුව. එපමණකුත් නොව මේ දේ සිද්ධවී අදට තුන්වෙනි දවසය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, ඉශ්රායෙල් මුදාලීමට සිටි එක ම තැනැන් වහන්සේ උන් වහන්සේ ය යනු අපගේ බලාපොරොත්තුව විය. එපමණක් නොවේ. මේ දේ සිදුවී අදට තුන් දවසක් ගත වී ඇත.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එහෙත් අපේ බලාපොරොත්තුව වූයේ ඉශ්‍රායෙල් ගලවා ගන්නට සිටියේ මෙතුමාණන් කියායි. ඒ හැම දේට වඩා මේ දෑ සිදු වී අදට දවස් තුනයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, ඉශ්රායෙල් මුදාලීමට සිටි එක ම තැනැන් වහන්සේ උන් වහන්සේ ය යනු අපගේ බලාපොරොත්තුව විය. එපමණක් නොවේ. මේ දේ සිදුවී අදට තුන් දවසක් ගත වී ඇත.

පරිච්ඡේදය බලන්න



ලූක් 24:21
8 හුවමාරු යොමු  

උන්වහන්සේ ඉශ්‍රායෙල් ඔහුගේ අයුතුකම් සියල්ලෙන් මුදා හරිනසේක.


මිදුම්කාරයෙක් සියොන් වෙතටත් යාකොබ් තුළ අපරාධ අත්හරින්නන් වෙතටත් එනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟ බලා, ඔවුන්ට මිදීම සාදා දුන්සේක.


ඈද ඒ පැයෙහිම ඇවිත් දෙවියන්වහන්සේට ස්තුතිකොට, යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට උන්වහන්සේ ගැන කථාකළාය.


එහෙයින් ඔව්හු රැස්වූ විට: ස්වාමිනි, මේ කාලයේදී ඔබ ඉශ්‍රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවාදෙනසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


නුඹ ඊයේ මිසරයා මැරූ ලෙස මාත් මරන්ට හදනවාදැයි කීවේය.


ඔව්හු අලුත් ගීතිකාවක් ගායනාකරමින්: ඔබ පොත ගන්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ මරනු ලැබ, සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන්වහන්සේට මිලේට ගෙන,