Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 1:6 - Sinhala Revised Old Version

6 එහෙයින් ඔව්හු රැස්වූ විට: ස්වාමිනි, මේ කාලයේදී ඔබ ඉශ්‍රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවාදෙනසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ප්‍රේරිතවරුන් එක්රැස් වූ කල, “ස්වාමීනි, ඔබ යළිත් ඉශ්රායෙල් රාජ්‍යය පිහිටුවන කාලය මෙය දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 මෙසේ ඔවුන් එක්රැස් වූ විටෙක ඔවුහු, “ස්වාමිනි, ඔබ ඉශ්‍රායෙල්ට රාජ්‍යය නැවත පිහිටු වන කාලය මෙය දැ?” යි උන්වහන්සේගෙන් ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 අපෝස්තුළුවරුන් එක්රැස් වූ කල, “ස්වාමීනි, ඔබ යළිත් ඉශ්රායෙල් රාජ්‍යය පිහිටුවන කාලය මෙය දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 1:6
23 හුවමාරු යොමු  

මෙසේ කාරණා ඔවුන් ඇසූ කල, උන්වහන්සේ යෙරුසලමට සමීපව සිටි බැවින්ද, දෙවියන්වහන්සේගේ රාජ්‍යය වහාම එළිදරව්වේයයි ඔවුන් සිතූ බැවින්ද, උන්වහන්සේ තව දුරටත් උපමාවක් කීසේක.


දෙවියන්වහන්සේගේ රාජ්‍යය කොයි කලක එන්නේදැයි ඵරිසිවරුන් විසින් ඇසූ බැවින් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය පෙරහැර සහිතව නොඑන්නේය.


මුළු අහස යට තිබෙන රාජ්‍යවල රජකමද ආණ්ඩුවද මහත්කමද මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්වන සෙනඟට දෙනවා ඇත. උන්වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය, සියලුම ආණ්ඩුද උන්වහන්සේට සේවයකර කීකරුවෙනවා ඇතැයි කීවේය.


උන්වහන්සේ ඔලීව කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත්: ඒ දේ කොයි කලෙක සිද්ධවන්නේද? ඔබවහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්දැයි අපට කිව මැනවයි කීවෝය.


එබැවින් මාගේ පියාණන්වහන්සේ මට රාජ්‍යයක් නියම කළාක් මෙන්ම,


උන්වහන්සේ උත්තරදෙමින්: එලියා එන්නේමය, ඇවිත් සියල්ල නැවත පිහිටුවන්නේය.


උන්වහන්සේ: නුඹට ඕනෑ කුමක්දැයි ඇගෙන් ඇසූසේක. ඈද: ඔබගේ රාජ්‍යයෙහිදී මේ මාගේ පුත්‍රයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ඔබගේ දකුණු පැත්තේද එක්කෙනෙක් වම් පැත්තේද හිඳින්ට නියමකළ මැනවයි කීවාය.


සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත්වෙන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක.


ඒදොමෙන් ඉතිරිවූ කොට්ඨාසයද මාගේ නාමය දරන සියලු ජාතීන්ද ඔවුන් විසින් හිමිකරගන්න පිණිස,


මම යාකොබ්ගේද මාගේ මෙහෙකරුවාවූ දාවිත්ගේද වංශයත් එපාකොට, ඔහුගේ වංශයෙන් කෙනෙක් ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද වංශය කෙරෙහි ආණ්ඩුකිරීමට නොගෙන සිටින්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ වාල්කම පහකොට ඔවුන්ට අනුකම්පාකරන්නෙමි.


මම පළමු ලෙස නුඹේ විනිශ්චයකාරයන්ද මුලදී තිබුණු ලෙස නුඹේ මන්ත්‍රීවරුන්ද නැවත පිහිටුවන්නෙමි. ඉන්පසු නුඹ ධර්මිෂ්ඨකමේ නුවරය, විශ්වාස නගරයයයි කියනු ලබන්නීය.


ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.


පේතෘස් ඔහු දැක: ස්වාමීනි, මොහු ගැන කිමෙක්දැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය.


උන්වහන්සේ කථාකොට: එලියා පළමුවෙන් ඇවිත් සියල්ල නැවත පිහිටුවන්නේමය. මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දේ විඳින්ටත් සුළුකරනු ලබන්ටත් ඕනෑයයි ඔහු ගැනත් ලියා තිබෙන්නේ කෙලෙසද?


නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.


මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝ දවස් රජෙක්වත් අධිපතියෙක්වත් පූජාවක්වත් රූපස්තම්භයක්වත් පූජක සැට්ටයක්වත් තෙරඵීම් රූපවත් නැතුව සිටින්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්