එසේය, මා විසින් විශ්වාසකළාවූ, මාගේ භෝජනයෙන් කෑවාවූ මාගේ හිතේසි මිත්‍රයා මට විරුද්ධව විලුඹ එසවිය.
ලූක් 22:3 - Sinhala Revised Old Version එවිට දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ ඉස්කාරියොත් නම් යූදස්ට සාතන් ආවේශවිය. Sinhala New Revised Version ඒ අතර දොළොස් දෙනාගෙන් කෙනෙක් වූ ඉස්කාරියොත් නම් ජූදස්ගේ සිතට සාතන් ඇතුළු විය. සිංහල කාලීන පරිවර්තනය ඒ අතර ඉස්කාරියොත් නම් වූ යූදස්ට සාතන් ආවේශ විය. ඔහු දොළොස් දෙනාගෙන් කෙනෙකි. Sinhala New Revised Version 2018 ඒ අතර දොළොස් දෙනාගෙන් කෙනෙක් වූ ඉස්කාරියොත් නම් ජූදස්ගේ සිතට සාතන් ඇතුළු විය. |
එසේය, මා විසින් විශ්වාසකළාවූ, මාගේ භෝජනයෙන් කෑවාවූ මාගේ හිතේසි මිත්‍රයා මට විරුද්ධව විලුඹ එසවිය.
එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්ව යව. මක්නිසාද–නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක.
ඔහු මේක කීවේ දිළිඳුන් සැලකූ නිසා නොව ඔහු සොරෙකු බැවිනුත් මුදල් පසුම්බිය භාරව එහි දැමූ දේ රැගෙනගිය බැවිනුත්ය.
මා කථාකරන්නේ නුඹලා සියල්ලන් ගැන නොවේය. මා විසින් තෝරාගත්තවුන් මම දනිමි. නුමුත් මාගේ භෝජනය කන තැනැත්තා මට විරුද්ධව විලුඹ එසවූයේයයි ලියා තිබෙන ලියවිල්ල සම්පූර්ණ විය යුතුය.
යේසුස්වහන්සේ පාවාදෙන්ට සීමොන්ගේ පුත්‍රවූ යූදස් ඉස්කාරියොත්ගේ සිත යක්ෂයා විසින් පොළඹවා තිබුණෙන්,
නුමුත් පේතෘස් කථාකොට: අනනියස්නි, ශුද්ධාත්මයාණන්වහන්සේ රවටා බිමේ මිලෙන් කොටසක් තබාගන්ට සාතන් නුඹේ සිත පිරෙවුවේ මක්නිසාද?