Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 13:18 - Sinhala Revised Old Version

18 මා කථාකරන්නේ නුඹලා සියල්ලන් ගැන නොවේය. මා විසින් තෝරාගත්තවුන් මම දනිමි. නුමුත් මාගේ භෝජනය කන තැනැත්තා මට විරුද්ධව විලුඹ එසවූයේයයි ලියා තිබෙන ලියවිල්ල සම්පූර්ණ විය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මා කතා කරන්නේ ඔබ හැම දෙනා ගැන ම නොවේ. මා තෝරාගත් අය මම හඳුනමි. එහෙත්, ‘මාගේ භෝජන වළඳන තැනැත්තා මට විරුද්ධ ව නැඟී ඇත’ යන ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 “මා කතා කරන්නේ ඔබ හැම කෙනකු ගැන නො වෙයි. මා තෝරාගත් අය කවුරුදැයි මා දන්නවා. එනමුත් ‘මා හා එක පතේ කෑ තැනැත්තා මට ද්‍රෝහී වී යැ’ යි ලියා ඇති ශුද්ධ ලියවිල්ල සැබෑ විය යුතුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මා කතා කරන්නේ ඔබ හැම දෙනා ගැන ම නොවේ. මා තෝරාගත් අය මම හඳුනමි. එහෙත්, ‘මාගේ භෝජන වළඳන තැනැත්තා මට විරුද්ධ ව නැඟී ඇත’ යන ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 13:18
27 හුවමාරු යොමු  

එසේය, මා විසින් විශ්වාසකළාවූ, මාගේ භෝජනයෙන් කෑවාවූ මාගේ හිතේසි මිත්‍රයා මට විරුද්ධව විලුඹ එසවිය.


උන්වහන්සේ උත්තරදෙමින්: මා සමඟ තලියේ අත ලෑ තැනැත්තේම මා පාවා දෙන්නේය.


මම ඔවුන් සමඟ සිටියදී ඔබ මට දුන් ඔබගේ නාමයෙන් ඔවුන් ආරක්ෂාකෙළෙමි. මම ඔවුන් ප්‍රවේසම්කෙළෙමි, ලියවිල්ල සම්පූර්ණ වන පිණිස විනාශයේ පුත්‍රයා හැර ඔවුන්ගෙන් කිසිවෙක් විනාශ නූණේය.


උන්වහන්සේද: දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ මා සමඟ තළියේ අත ලන තැනැත්තේය.


එවිට යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම කැබෙල්ල පොඟවා යමෙකුට දෙම්ද ඒ ඔහුමයයි කීසේක, මෙසේ උන්වහන්සේ කැබෙල්ල පොඟවා සීමොන්ගේ පුත්‍රවූ යූදස් ඉස්කාරියොත්ට දුන්සේක.


යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මා විසින් නුඹලා දොළොස්දෙනා තෝරාගත්තා නොවේද? නුමුත් නුඹලාගෙන් එක්කෙනෙක් යක්ෂයෙක්යයි කීසේක.


නුඹලා ලෝකයට අයිති නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේවන්නෝය. නුමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛරවෙති.


උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය.


නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය.


මනුෂ්‍යයෙකුගේ සතුරෝ නම් ඔහුගේම ගෙයි වැසියෝය.


ඇගේ දරුවන්ද වසංගතයෙන් නසන්නෙමි; මා වනාහි අදහස්ද හෘදයන්ද විමසන තැනැත්තා බව සියලු සභාවෝ දැනගන්නාහුය. මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක්‍රියා හැටියට දෙන්නෙමි.


උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, නුඹ මට ආදරේදැයි ඔහුගෙන් ඇසූසේක. තුන්වෙනි වර: මට ආදරේදැයි යේසුස්වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේතෘස් දුකට පැමිණ–ස්වාමිනි, ඔබ සියල්ල දන්නාසේක; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මාගේ බැටළුවන් පෝෂණයකරන්න.


මක්නිසාද අපි අප ගැනම නොව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේය කියාද යේසුස්වහන්සේ නිසා අපි නුඹලාගේ දාසයෝ කියාද ප්‍රකාශකරමුව.


එවිට නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිසුන් දසදෙනා බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට කඩුවෙන් පහරදී ඔහු මැරුවෝය.


ඔවුන් කමින් සිටියදී උන්වහන්සේ කථාකොට: සැබවක් නුඹලාට කියමි–නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.


සවස්වූ කල උන්වහන්සේ දොළොස්දෙනා සමඟ ආසේක.


ඔවුන් හාන්සිවී කමින් සිටියදී යේසුස්වහන්සේ කථාකොට: සැබවක් නුඹලාට කියමි–මා සමඟ කන්නාවූ කෙනෙක් වන නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.


එහෙත් මා පාවාදෙන්නාගේ අත මා සමඟ මේසයෙහි තිබේ.


යේසුස්වහන්සේ මෙසේ කියා ආත්මයෙන් කැලඹී සාක්ෂිදෙමින්: සැබැවක් සැබැවක් නුඹලාට කියමි–නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.


ගෝලයෝ උන්වහන්සේ කවරෙකු ගැන කීසේක්දෝ කියා සැකකොට ඔවුනොවුන් දෙස බැලුවෝය.


(මෙසේ වුණේ) ඔව්හු නිෂ්කාරණයේ මට වෛරවුණෝයයි ඔවුන්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන වචනය සම්පූර්ණවන පිණිසය.


මෙසේ වුණේ, තමන්වහන්සේ කොයි ආකාර මරණයකින් මැරෙනසේක්ද කියා හඟවාදෙමින් යේසුස්වහන්සේ කී වචනය සම්පූර්ණවන පිණිසය.


එබැවින් ඔව්හු එකිනෙකා කථාකොට: මේක නොඉරා, කාට වේදෝයි දැනගන්නා පිණිස දාදු දමමුයයි කීවෝය. මෙසේ වුණේ, මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදාගෙන, මාගේ සළුව පිණිස දාදු දැමුවෝය යන ලියවිල්ල සම්පූර්ණවන පිණිසය. එහෙයින් හේවායෝ මේ දේ කළෝය.


මක්නිසාද මේ දේවල් සිද්ධවුණේ: උන්වහන්සේගේ ඇටයක්වත් බිඳිණු නොලැබෙන්නේයයි ලියා තිබුණු ලියවිල්ල සම්පූර්ණවන පිණිසය.


ඔසවාගනු ලැබූ දවස දක්වා, උන්වහන්සේ විසින් කරන්ටත් උගන්වන්ටත් පටන්ගත් සියල්ල ගැන ප්‍රථම පොත සම්පාදනයකෙළෙමි.


සහෝදරයෙනි, යේසුස්වහන්සේ ඇල්ලූ අයට මගපෙන්නුවාවූ යූදස් ගැන ශුද්ධාත්මයාණන්වහන්සේ දාවිත්ගේ මුඛයෙන් පෙර කීවාවූ වාක්‍යය සම්පූර්ණවෙන්ට ඕනෑව තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්