Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 10:4 - Sinhala Revised Old Version

4 කානානීය සීමොන් සහ උන්වහන්සේව පාවාදුන් යූදස් ඉස්කාරියොත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 අන්ත ජාතිවාදී සීමොන් සහ උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් යන මොවුහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 ජ්වලිතයා යයි නම් ලත් සීමොන් හා උන්වහන්සේ පාවා දුන් යූදස් ඉස්කාරියොත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 අන්ත ජාතිවාදී සීමොන් සහ උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් යන මොවුහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 10:4
19 හුවමාරු යොමු  

එවිට යූදස් ඉස්කාරියොත් නම් දොළොස්දෙනාගෙන් එක්කෙනෙක් නායක පූජකයන් ළඟට ගොස්:


යේසුස්වහන්සේ පාවාදෙන්ට සීමොන්ගේ පුත්‍රවූ යූදස් ඉස්කාරියොත්ගේ සිත යක්ෂයා විසින් පොළඹවා තිබුණෙන්,


මෙසේ කීවේ සීමොන් ඉස්කාරියොත්ගේ පුත්‍රවූ යූදස් ගැනය, මක්නිසාද දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ ඔහු උන්වහන්සේ පාවාදෙන්ට සිටියේය.


එකෙණෙහිම, උන්වහන්සේ කථාකරද්දීම, දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස්ද ඔහු සමඟ නායක පූජකයන් ලියන්නන් හා වැඩිමහල්ලන් කෙරෙන් සමූහයක්ද කඩු මුගුරු රැගෙන ආවෝය.


උන්වහන්සේ කථාකරද්දීම, බලව, දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස්ද ඔහු සමඟ නායක පූජකයන් හා සෙනඟගේ වැඩිමහල්ලන් කෙරෙන් කඩු මුගුරු ගත් මහත්වූ සමූහයක්ද ආවෝය.


උන්වහන්සේ කථාකරද්දීම, බලව, සමූහයක් ආවෝය; දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස් කියන අයද ඔවුන්ට පෙරටුව ඇවිත් යේසුස්වහන්සේ සිඹින පිණිස උන්වහන්සේට ළංවුණේය.


එවිට දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ ඉස්කාරියොත් නම් යූදස්ට සාතන් ආවේශවිය.


දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස් ඉස්කාරියොත් උන්වහන්සේ නායක පූජකයන්ට පාවාදෙන පිණිස ඔවුන් වෙතට ගියේය.


එවිට උන්වහන්සේ පාවාදුන් යූදස් උන්වහන්සේ වරදට පත්කරනු ලැබූ බව දැක, පසුතැවිලිව, රිදී මිල තිහ නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද ළඟට නැවත ගෙනවුත්:


ඒ මෙහෙයත් ප්‍රේරිතකමේ ස්ථානයත් ලැබීමට මොවුන් දෙන්නාගෙන් ඔබ විසින් තෝරාගත් තැනැත්තා පෙන්නුව මැනවයි කියා,


ඔව්හු ඇවිත් තමුන් නැවතී සිටි උඩුමහලට නැගුණෝය. ඔව්හු නම්: පේතෘස්ද යොහන්ද යාකොබ්ද අන්දෘද පිලිප් සහ තෝමස්ද බර්තොලොමෙව් සහ මතෙව්ද අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ්ද ජ්වලිතයාවූ සීමොන්ද යාකොබ්ගේ පුත්‍රවූ යූදස්ද යනුය.


තව දෙදවසකට පසු පාස්කුව පැමිණෙන බව නුඹලා දන්නහුය, මනුෂ්‍ය පුත්‍රයා කුරුසියෙහි ඇණගැසීමට පාවාදෙනු ලැබේයයි කීසේක.


ඔහු නුඹලාට පාවාදෙන්ට නුඹලා මට දෙන්ට කැමති මොනවාදැයි ඇසුවේය. ඔව්හු රිදී මිල තිහක් ඔහුට කිරා දුන්නෝය.


නුමුත් විශ්වාස නොකරන සමහරෙක් නුඹලා අතරෙහි සිටිතියි කීසේක. මක්නිසාද විශ්වාස නොකරන්නෝ කවුරුද කියාත් තමන්වහන්සේ පාවාදෙන්ට සිටියේ කවුද කියාත් යේසුස්වහන්සේ මුල පටන් දැනගෙන සිටිසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්