එවිට ඈ: ලේවලට පළිගන්න අය විසින් තවත් විනාශනොකරන පිණිසද ඔවුන් මාගේ පුත්‍රයා නැතිනොකරන පිණිසද රජ්ජුරුවෝ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකෙරෙත්වයි කීවාය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹේ පුත්‍රයාගේ ඉසකෙසක්වත් බිම නොවැටෙන්නේයයි කීවේය.
ලූක් 21:18 - Sinhala Revised Old Version නුමුත් නුඹලාගේ හිසකෙසක්වත් නැති නොවන්නේය. Sinhala New Revised Version එහෙත් ඔබගේ කෙස් ගහක් පමණ වත් නාස්ති නොවන්නේ ය. සිංහල කාලීන පරිවර්තනය එහෙත් ඔබගේ හිස කෙසක් පමණවත් නැති නො වනු ඇත. Sinhala New Revised Version 2018 එහෙත් ඔබගේ කෙස් ගහක් පමණ වත් නාස්ති නොවන්නේ ය. |
එවිට ඈ: ලේවලට පළිගන්න අය විසින් තවත් විනාශනොකරන පිණිසද ඔවුන් මාගේ පුත්‍රයා නැතිනොකරන පිණිසද රජ්ජුරුවෝ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකෙරෙත්වයි කීවාය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹේ පුත්‍රයාගේ ඉසකෙසක්වත් බිම නොවැටෙන්නේයයි කීවේය.
එබැවින් කෑම කන මෙන් නුඹලාට අවවාදකරමි. මක්නිසාද එය නුඹලාගේ ආරක්ෂාව පිණිස ඕනෑකෙරේ. නුඹලාගෙන් කිසිවෙකුගේ ඉසකේ ගහක්වත් නැති නොවන්නේයයි කීවේය.
එවිට සෙනඟ සාවුල්ට කථාකොට: ඉශ්‍රායෙල්හි මේ මහත් ගැළවීම සිද්ධකළ යොනාතාන් නසින්ට ඕනෑද? එසේ නොවේවා. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම ඔහුගේ හිසෙන් කේශයක්වත් බිම නොවැටෙන්නේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ සමඟ අද දවසේ ක්‍රියාකෙළේයයි කීවෝය. මෙසේ යොනාතාන් නොනසින ලෙස සෙනඟ ඔහු මුදාගත්තෝය.
ඔබ පස්සේ එළවාගන ඇවිත් ඔබගේ ප්‍රාණය හානිකරන්ට මනුෂ්‍යයෙක් නැගුටුණත්, මාගේ ස්වාමියාගේ ප්‍රාණය ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත ජීවතුන්ගේ මිටියෙහි බඳිනු ලැබ, ඔබගේ සතුරන්ගේ ප්‍රාණ උන්වහන්සේ ගල් පටියෙන් මෙන් විසිකරදමනසේක.